‘2070 වන විට මීට වඩා විශාල වෙනසක් සමාජය තුළ සිදු වෙනවා. එම තත්ත්වය අධ්‍යපනයට බලපානවා. අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි. කෘතිම බුද්ධිය වගේම දැන් අලුතින් ඇවිත් තිබෙන ChatGPT තිබෙනවා. කෙසේද එය ඉගෙනුමට බලපාන්නේ. අපට අවශ්‍ය පාසල් කේන්ද්‍රය අධ්‍යාපන ක්‍රමයක් ද, එසේ නොමැති නම් ශිෂ්‍ය කේන්ද්‍රිය ක්‍රමයක් ද, මේ පිළිබඳ අපි තීරණය කළයුතුව තිබෙනවා’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු කරන බව ද පැවසීය.
එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එය සමන්විත බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ “රහල් සියවස් ප්‍රතාප” සියවස් සැමරුම් උත්සවයට (25) එක් වෙමිනි.






















