ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකාවේ සියලුම දෙනාගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශකරයි .දේශීය හා ජාත්‍යන්තර ඇතැම් බලවේග වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටින බවත් එසේ සිදු වූවොත් එය රටේ අවාසනාව බවත් මීට පෙර ද රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලන නායකයින් 130 කට ආසන්න පිරිසක් රටට අහිමි වී තිබෙන බවත් මේ තත්වයන් හොඳින් සිහි බුද්ධියෙන් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.






















