පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කිරීම ගැන ආණ්ඩු පක්ෂයට ප්‍රශ්නයක් නෑ…
නමුත් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න තිබෙනවා…
ආණ්ඩුවත්, විපක්ෂයත් එකඟතාවයකින් යුතුව වැඩ කරන්නේනම් ඒ සඳහා සුදුසු පසුබිමක් සැකසිය යුතුයි…
රැස්වීම්වලදී සාකච්ඡා වෙන දේවල් ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, විපක්ෂනායකතුමා දැනුවත් කරන්නෙ නැහැ…
- ඇමති ප්‍රසන්න රණතුංග
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට ප්‍රශ්නයක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යම් යම් ප්‍රශ්න මතුව තිබෙන බවයි.
එබැවින් මෙම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයත් සම්බන්ධකරගෙන තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම්වන බවද හෙතෙම කීවේය.
විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
අනතුරුව මෙම විවාදයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මැදිහත්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – මුදල් කාරක සභාවේ සභාපති ප්රශ්නය විසඳුනේ නැහැ. ඒ ප්රශ්නය කල් දමමින්, කල් මරමින් ඉන්නවා. මේ ප්රශ්නය විසඳන්න ගරු කතානායකතුමාට මැදිහත් වෙන්න කියල ඉල්ලුවා. මේ ඉල්ලීමෙන් පසුව කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා මහත්වරුන් එක්ක ජනාධිපතිවරයා සාකච්ඡා කලා. පසුව මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂ ද සිල්වා පත්කරන්න කියල ඔහු කිව්වා. තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කරනකම් අපි මේ ගැන ඊයෙ දවසේ බලාගෙන හිටියා. ජනාධිපතිවරයා කියන දෙය ඉටු නොකරන්න ආණ්ඩුව ඇතුලේ මොනව හරි ප්‍රශ්නයක් තියෙනවද?. හර්ෂ ද සිල්වා පත්කරන්න තියෙන අමාරුව මොකද්ද? මෙච්චර බංකොලොත් රටට මුදල් කාරක සභාවට තමන්ගේ කේවට්ටයන් පත්කරගෙන ආදර්ශ දෙන්නද හදන්නේ.
ගරු කතානායකතුමනි, කරුණාකරල මේකට මැදිහත් වෙන්න. මේ ගැන තවත් කතාකරන්න දෙයක් නැහැ. අපි සාකච්ඡාවලට එන්නේ නැහැ. ජනාධිපතිවරයා නියෝගයක් දීල තියෙනවා ඒ ගැන කටයුතු කරන්න කියල ගෞරවයෙන් ඉල්ලනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මේ ගැන විපක්ෂයේ සංවිධායකතුමා, විපක්ෂනායකතුමා දැනුවත් කළේ නැද්ද කියන්න මම දන්නේ නැහැ. එහෙම වුණානම් එතුමන්ල අතරයි අර්බුධය තියෙන්නේ. ඊයේ පැවැති සාකච්ඡාවේදි විපක්ෂය යෝජනා දෙකක් ඉදිරිපත් කරල තිබුණා. අපි ඒ ගැනත් කතා කළා. නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඒක ඉල්ලා අස්කරගත්තා. අපිත් ඒකට එකඟ වුණා. අපිට හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ගැන ගැටළුවක් නැහැ. නමුත් එතුමන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපේ මන්ත්‍රීවරුන්ට යම් යම් ගැටළු තියෙනවා.
විපක්ෂය ජනක රත්නායක වෙනුවෙන් පෙනී හිටියා. එතනදි විපක්ෂය කතාකරපු දේවල් අපි දැක්කා. නමුත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා පත්කිරීම ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න ඕන බව අපේ මන්ත්‍රීවරුන් කිව්වා. මේ ගමන එකඟතාවයකින් යන්න ඕන. සාකච්ඡා කරන්න අකමැතිනම් සාකච්ඡාවලට නෑවිත් ඉන්න කිසිම ගැටළුවක් නැහැ.
අපි සම්මුතියෙන් වැඩ කළ යුතු බව ඔබතුමන්ලා රටට කියනවා. ගරු කතානායකතුමනි, අපි එකඟතාවයකින් වැඩ කරනවානම් ඒ සඳහා සුදුසු පසුබිමක් හැදෙන්න ඕන. මෙතන එකක් කියල, එළියට ගිහිල්ල තව එකක් කියනවනම් එකඟාතවයකින් වැඩ කරන්නේ කොහොමද? ඒක නිසා සද්භාවයකින් වැඩ කරමු. ජනාධිපතිතුමා වෙන පක්ෂයක කෙනෙක්.එතුමා ඒ ගැන හැම තිස්සෙම කියනවා. ඒ නිසා ජනාධිපතිතුමයි, අපියි එකට සාකච්ඡා කරමු.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල(ස.ජ.බ) – ගරු කතානායකතුමනි, ඊයේ පැවැති සාකච්ඡාවට මමත් සහභාගී වුණා. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ මන්ත්‍රීවරුන් විරුද්ධයි කියලනේ. ස්ථාවර නියෝගවල එහෙම දෙයක් නැහැ. මන්ත්‍රීවරු විරුද්ධවුණාම සභාපතිවරු පත්කරන්න බැහැ කියල කොහෙද තියෙන්නෙ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන – අපි ඊයේ එකඟවුණා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල(ස.ජ.බ) – මෙතුමා කතාකරන්නෙ කැලෑ නීතිය ගැන.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල තියෙන දේවල් ගැන අපි ඊයේ හොඳාකාරවම සාකච්ඡා කළා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන කැලෑ නීතියට ඊයෙ එතුමත් එකඟවුණා.
ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516






















