Monday, November 9, 2026
HomeNEWSපන්සිල්ගොඩ සිද්ධිය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම.

පන්සිල්ගොඩ සිද්ධිය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම.

ප්‍රවෘත්ති නිවේදනය

පන්සිල්ගොඩ සිද්ධිය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම.

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කළ ඉඩමක් ම විසින් අත්පත් කර ගැනීමේ උත්සාහයක් ඇති බවටත් ඊයේ (25) එම ස්ථානයේ සිදු වූ සිදුවීමක් පදනම් කර ගනිමින් ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර සම්බන්ධවයි.

මෙම ඉඩම පෞද්ගලිකව මට අයත් එකක් නොවන අතර එය අයත්ව ඇත්තේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලටයි. රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යනු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත මණ්ඩලයකි. එය ප්‍ර දේශයේ සමාජ සුබ සාධන කටයුතු සඳහා පිහිටුවා ගත්තකි.

අදාළ ඉඩමේ මීට පෙර රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ මැදිහත්වීමෙන් රජයේ හා කොරියානු ආධාර යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අතර එය වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක විය.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන කාලයේ දී ප්‍ර දේශයේ ඇතැම් පුද්ගලයන් විසින් විවිධ ගැටළු ඇති කළ අතර මේ නිසා මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු වලට ද බාධා එල්ල විය.

මේ හේතුවෙන් වෘත්තීය පුහුණු අධිකාරිය පන්සිල්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වසා දැමු අතර ඒ සඳහා රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගින් කොරියානු ආධාර යටතේ ඉදිකළ තනිමහල් ගොඩනැගිල්ල ද අතහැර දැමිණ. කොරියානු ආධාර යටතේ මෙම මධ්‍යස්ථානයට ලැබී තිබු පුහුණු උපකරණ උඩුගම්පල සෙනරත් පරණවිතාන පාසලට හා අවට පාසල් වලට ප්‍රදානය කෙරුණි.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වසා දැමීමෙන් පසු ගොඩනැගිලි ගරා වැටුණු අතර විවිධ අපචාර ක්‍රියා සඳහා මෙම ස්ථානය භාවිතා වන බවට පැමිණිලි ලැබිණ. කුඩු තිප්පලක් ලෙස ද මෙම ස්ථානය භාවිතා කරන බවට පැමිණිලි ලැබුණේ ද ප්‍ර දේශවාසීන්ගෙනි. ඒ අනුව රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය එම ඉඩම සංවර්ධනය කිරීමට තීරණය කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගැණින.

මෙම සංවර්ධන කටයුතු නතර කරන ලෙස ගම්වාසීන් මා වෙත පැමිණිලි කළ අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය මගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා වෙනත් නිළධාරියෙකු සමඟ ප්‍ර දේශවාසීන් බහින් බස් වීමක් ඇති කරගෙන තිබේ. එම බහින්බස් වීම ආරවුලක් දක්වා වර්ධනය වී ඇත්තේ ද ප්‍ර දේශවාසීන් කිපදෙනෙකුගේ මැදිහත්වීම නිසාය.

මේ වන විට මෙම සිද්ධිය පදනම් කරගනිමින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් මට අපහාස කිරීමට පටන් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මට හා රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමි.

මේ සම්බන්ධයෙන් නීතිය මගින් සාධාරණය අපේක්ෂා කරමි.

ප්‍රසන්න රණතුංග
(නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img