නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ පසුගිය කාලයේදී කතාබහට ලක්වු එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැනටමක් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
දිවංගත රෙජි රණතුංග මහතාගේ 15 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පල පිහිටි එතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අසාර්ථක අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිව ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි. ජාතික ආණ්ඩුවකට යම් කණ්ඩායමක් එනවා නම් ජනාධිපතිවරයා ඊට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරුනු ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඇමතිවරාය ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය – ඇමතිතුමා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමක් සිදු වෙනවද?
පිළිතුර – නැහැ. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිටම සාකච්ඡා වෙමින් පවතිනවා. සියලුම දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා ජතික ආණ්ඩුවක් හදන්න එන්න කියලා රටේ මේ අර්බුද විසදන්න. තවත් ඒ සදහා අවස්ථාව තිබෙනවා. ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් හදන්නේ නැත්නම්, ඒ සදහා යම් කණ්ඩායමක් එකතු වෙනවා නම් ජනාධිපතිතුමා කල්පනා කරලා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.
ප්රශ්නය – ඔබතුමාලගේ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඇමතිකම් ඉල්ලලා තියෙනවා කියනවා. නැත්නම් විපක්ෂයට යනවා කියලා ?
පිළිතුර – කවුරුවත් එහෙම ඉල්ලලත් නැහැ. දුන්නේ නැත්නම් යනවා කියලත් නැහැ. ඒවා මේ මාධ්‍ය විසින් හදන ප්‍රකාශ. රට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සියලුම දෙනාටම අවබෝධයක් තිබෙනවා. අපි හැමෝම මේ ආණ්ඩුවට ශක්තියක් වෙන්න මේ අර්බුදයෙන් ගොඩ එන්න සහයෝගය දෙනව මිසක් කවුරුත් අගය වැඩි කරගන්න මේ වෙලාවේ කටයුතු කරලා නැහැ.
ප්රශ්නය – අපි දැක්කා ඊයේ මන්ත්‍රීවරයෙක් මාධ්‍යයට කිවුවා, එයාලා ජනාධිපතිතුමාට ලිපියක් යනවා තියෙනවා. දින 15 ක් ඇතුළත ඇමතිකම් දුන්නේ නැත්නම් විපක්ෂයට යනවා කියලා ?
පිළිතුර – එක එක මතවාද තිබෙන අය ඉන්නවා. නමුත් පක්ෂයක් විදිහට එහෙම තීන්දුවක් අරගෙන නැහැ කියලා මං හොදින් දන්නවා. පක්ෂයේ ලේකම්තුමාත් පසුගියදා ඒ ගැන මාධ්‍යයට ප්‍රකාශ කළා.
ප්රශ්නය – දැන් අපි දකිනවා මේ වෙද්දි ආගම් ප්‍රශ්නයක් විශාල ලෙස ඇදීගෙන එනවා. ආණ්ඩුවක් ලෙස මේකට කොහොමද මුහුණ දෙන්නේ ?
පිළිතුර – මේවා පිටුපස කවුද ඉන්නේ කියලා තේරුම් ගන්න ඕනි. සමාජ අරගලයක් හදලා රට විනාශ කරලා මිනිස්සු මරලා ගෙවල් ගිනි තියලා ජනාධිපතිතුමාව, මහින්ද මහත්තයව මරන්න සැලසුම් තිබුනා. ඒවා පිටුපස කවුද හිටියේ. ඒවාට සල්ලි වියදම් කලේ කවුද? සමාජ අරගලය අසාර්ථක වුනු නිසා දැන් ආගම් අතර අර්බුදයක් ඇති කරන්න යනවා. මේකත් අසාර්තක වුනාද ජාතිවාද ඇතිකරන්න උත්සහ කරයි. මේවා කාගේ උවමනාවට වෙන දේවල්ද කියලා මාධ්‍යවේදීන් ලෙස ඔබත් හිතන්න. අරගලයේදී වෙසක් එකට කලු කොඩි දානකොට, කලු වෙසක් කූඩු හදනකොට හුරේ දාපු අය අද ආගම වෙනුවෙන් කතා කරනවා. එදා අරගලයේ හිටිය කලාකරුවන් කරපු දේවල් රට දකිනවා. එතකොට මේවට සල්ලි වියදම් කරන්නේ කවුද? මේ ගැන රට තේරුම් ගන්න ඕනි. ආගමික ප්‍රකාශ කළ කෙනා පමණක් නෙමෙයි සමහර හාමුදුරුවෝ වෙසක් එකට කලු කොඩි දාපු එක හොදයි කිවුවා. ඒවගේ ප්‍රතිඵල එනවා. සිස්ටම් චේන්ජ් කියලා හදන්න ආව අය කොයි වගේ අයද කියලා අද රටට දන්නවා. මං දැක්කා සමහර අය යු ටියුබ්වලට ගිහින් කියලා තිබ්බා සල්ලි ආව හැටි. ඔතන එක එක අය හිටියා. පාතලේ අය, ගණිකාවෝ, හිටියා. අපි ඕක වේලාසන කිවුවම අපිට දොස් කිවුවා. මට බැන්නා. හැබැයි දැන් ඒ අයට ඒක කියනවා. සිස්ටම් චේන්ජ් එක කියන්නේ මේක නෙමෙයි. රටේ වෙනසක් ඇති වෙන්න ඕනි කියන්නේ ආණ්ඩු වෙනසක් කරන්න නෙමෙයි. ක්‍රමවේදයේ වෙනසක් වෙන්න ඕනි. ඒකට මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් කරන්න ඕනි. මේක තේරුම් ගන්න අවශ්‍යයි. බොරු කියලා වෛරය පතුරවලා කරපු අරගලවල ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා.
ප්රශ්නය – ජාත්‍යන්තර සංවිධාන පවා කියනවා කතා කිරීමේ නිදහස තිබිය යුතුයි කියලා වෙන විදිහට මේක ගැන කතා වෙනවා?
පිළිතුර – ඔය කියන රටවල්වල ඔය දේවල් කරන්න ඉඩ දෙනවාද ? දියුණුයි කියලා සම්මත ප්රජාතන්ත්රවාදය ගැන ලොකුවට කතා කරන රටවල් පොඩි රටවල් පාගගෙන ඉන්නවා මිසක් ඒ රටවල් වල ඕව සිදුවෙනවද කියල හොයල බලන්න.
ප්රශ්නය – මේ වන විට මන්ත්‍රීවරයෙක් රත්තරන් සමග අහුවෙනවා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කිව්වට ආණ්ඩුව මේ වනතෙක් කිසිම පියවරක් අරන් නැහැ නේද?
පිළිතුර – ආණ්ඩුව පැහැදිළිවම ඒ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න ඉඩ හැරලා තියෙනවා. අපි කාවවත් බේරගන්න ගියේ නැහැ. ඔහු ඡන්දය පාවිච්චි කරද්දි ඒ වගේ වැදගත් යෝජනාවකදී ඡන්දය අපට විරුද්ධව පාවිච්චි කළේ එයාට උදව් නොකරපු නිසා. ආණ්ඩුවක් හැටියට අපි ඒවට උදව් කරන්නේ නැහැ කියන ස්ථාවරයේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ආණ්ඩුවත් සිටිනවා.
ප්රශ්නය – එතුමා කළ ප්‍රකාශ මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට අගතියක් වගේ නේද? මේ සම්බන්ධව මොනවද කියන්නෙ ?
පිළිතුර – එතුමා වැරැද්දක් කළා. එතුමාට දඩුවම් ලැබිල තියෙනවා. දඩුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපිත් සිටියා. එයාට නීතිය ක්‍රියාත්මක කරයි. අපි දේශපාලනඥයින්ට කියලා තියෙන්නේ නීතියට ඇගිලි ගහන්න එපා කියලනේ. නීතියෙන් පිට වැඩක් කරන්න අපි මැදිහත් වෙන්නේ නැහැ.
ප්රශ්නය – චීන ජාතිකයෙක් මෙරටට ගැනීමට මන්ත්‍රීවරයෙක් යම් යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒකට විපක්ෂය සහ මන්ත්‍රීවරු චෝදනා කරනවා. ඒ පිළිබද ආණ්ඩුව මොකද කියන්නේ ?
පිළිතුර – මේ පිළිබද ආණ්ඩුව මේ වන විට පිරීක්ෂණයක් කරනවා. ආණ්ඩුව එවායින් නවත්තන්නේ නැහැ. ආණ්ඩුව නීත්‍යානුකූලව අවශ්‍ය දේවල් කරනවා. අණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියල භේදයක් නැහැ. තමන්ගේ පක්ෂයේ වුණත් රත්තරන් ගෙනාපු කෙනාට දඩුවම් කළා. එතුමා දැන ගන්න ඕන එම දඩුවම සමග පාර්ලිමේන්තු එනවද නැද්ද කියල තීරණය කරන්න ඕන.
ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516






















