Monday, November 9, 2026
HomeNEWS සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට...

 සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙනවා… ඇමති ප්‍රසන්න රණතුංග.

 සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙනවා…
 එයත් අසාර්ථක වුනොත් ජාතිවාදයට යයි…
 රට අරාජික කරන මෙවැනි කණ්ඩායම්වලට විරුද්ධව රජය තදින් කටයුතු කළයුතුයි…
 වෛරී ප්‍රකාශ පතුරන හා මිනිස්සු කුලප්පු කරවන මිනිස්සුන්ට හා කණ්ඩායම් වලට එරෙහිව ගම්මට්ටමින් මිනිස්සු නැඟී සිටින්න ඕන…
 ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව කරගෙන යන්න දුන්නොත් මීට වඩා හොඳ තත්ත්වයට රට ගේන්න පුළුවන්….
 ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වේ ප්‍රායෝගික දේවල් ටිකක්…

  • ඇමති ප්‍රසන්න රණතුංග

සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙන බවත් එයත් අසාර්ථක වුවහොත් ඔවුන් රට තුළ ජාතිවාදය වපුරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ කවුරු නහයෙන් හැඬුවත් රට අරාජික කරන මෙවැනි කණ්ඩායම්වලට විරුද්ධව රජය තදින් කටයුතු කළයුතු බවයි.

එමෙන්ම වෛරී ප්‍රකාශ පතුරන හා මිනිස්සු කුලප්පු කරවන මිනිස්සුන්ට හා කණ්ඩායම් වලට එරෙහිව ගම්මට්ටමින් මිනිස්සු නැඟී සිටිය යුතු බවද හෙතෙම අවධානය කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ලද කැදවීමකට අදාළව අද (2) එම කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගල කරුවන් විසින් උඩුගම්පොළ පිහිටි සිය නිවස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ප්‍රශ්නය- ඔබතුමා මීට පෙරත් මානව හිමිකම් කොමිසමට ආවා. අදත් ආවේ ඇයි?

පිලිතුර- පසුගිය වසරේ මැයි 9 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීමේ සිද්ධීන්ට අදාළව මානවහිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ සම්බන්ධ ඉදිරි කටයුතුවලට අද එන්න කියල කිව්වා.

ප්‍රශ්නය- ඒ පිළිබඳ ව අරගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවද?

පිලිතුර- නිවාස ගිනි තැබීමෙන් අපේ මානවහිමිකම් කඩවුණා.ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම නිසා අපේ නිවාස ගිනි තැබූ බව සමහරු කියනවා.

නමුත් මේ සිද්ධි වෙන්න මාසයකට කලින් ආරක්ෂක මණ්ඩලය මෙවැන්නක් සිදුවිය හැකි බවට දැනුම් දීල තිබුණා. එසේ තිබියදීත් අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ නැහැ.අඩුම තරමේ අපේ ගෙවල් ගිනි තියනකොට ආරක්ෂක අංශ අවම බලයවත් පාවිච්චි කළේ නැහැ.

ප්‍රශ්නය- සාධාරණයක් වෙයි කියල බළාපොරොත්තු වෙනවද?

පිලිතුර- අඩුම තරමේ මින් ඉදිරියටවත් මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි.ඒ වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ.

ප්‍රශ්නය- අරගලකරුවන් කියන්නේ තවම අරගලය අවසන් නැහැ කියලයි?

පිලිතුර- ජනතාව සාමකාමී අරගලයක් කළේ ඒ මොහොතේ තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා.ගෙවල් ගිනි තියන්න,මිනිස්සුන්ට ගහන්න,මරන්න ඔවුන් බළාපොරොත්තු වුනේ නැහැ.ඒ⁣ දේවල් කළේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වැඩකළ යම් සංවිධානාත්මක කණ්ඩායමක්.අරගලය අන්තිම මොහොතේ ගණිකාවොයි,ජාවාරම් කාරයෝයි,කුඩුකාරයොයි හයිජැක් කළා කියල අරගලයේ හිටපු අයම කියනවා.අපි වේලාසනම ඕක කිව්වම අපිට දොස් කිව්වා.

ප්‍රශ්නය- ඉදිරි දේශපාලන කටයුතු කොහෙමද ?

පිලිතුර- මීට වසරකට කලින් අපි මුහුණ දීපු තත්ත්වය අපිම දන්නවනේ.ඉන්ධන මිල හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවෙමින් තිබෙනවා.ජනතාවට යම් සහන ලැබෙනවා.අපි ජනතාවට ගෞරව කරන්න ඕන මේව ඉවසගෙන ඉන්න එකට.ඔවුන් විශාල කැපකිරීමක් කරනවා.

ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව කරගෙන යන්න දුන්නොත් මීට වඩා හොඳ තත්ත්වයට රට ගේන්න පුළුවන් වේවි.
නමුත් සමාජ අරගලය කරල අසාර්ථක වුණාම ඒ පිටිපස්සෙ හිටපු අය දැන් ආගමික අරගලයකට සූදානම් වෙනවා.ඒකත් අසාර්ථක වුනොත් ජාතිවාදයට යයි.මේව පිටිපස්සෙ ඉන්නෙ රට අරාජික කරන්න කටයුතු කරන කණ්ඩායම්.එක එක්කෙනා නාහෙන් අඬාවි. නමුත් ඒවට ඇහුම්කන් නොදී රජය මේවට විරුද්ධව තදින් කටයුතු කරන්න ඕන.

ප්‍රශ්නය- ජනාධිපතිතුමා ජාතිය අමතා විශේෂ ප්‍රකායක් කළා.ඒ ගැන මොකද කියන්නේ.

පිලිතුර- ජනාධිපතිතුමා ජාතිය අමතල කිව්වේ ප්‍රායෝගික දේවල් ටිකක්.ආර්ථික අභියෝගවලට වැඩියෙන්ම මුහුණ දීපු නායකයා වත්මන් ජනාධිපතිතුමයි.මේ රට යම් තත්ත්වයකට ගේන්න අපි එතුමාට අවස්ථාව දෙන්න ඕන.

ඒ වගේම අරගල කරල මිනිස්සු කුපිත කරවන, වෛරීව කටයුතු කරන මිනිස්සුන්ට හා කණ්ඩායම් වලට විරුද්ධව ගම්මට්ටමින් මිනිස්සු නැඟී සිටින්න ඕන.

ප්‍රශ්නය- අන්තරය ලබන 7 වැනිදා කොළඹට එනවා. මොකක් වෙයිද?

පිලිතුර- විශ්ව විද්‍යාල දරුවන් කැමැත්තෙන් මේවට එන්නෙ නැහැ.සල්ලි දීල බලෙන් ගෙන්වා ගන්නවා.යන්න අකමැති වුනොත් රැග් කරනවා. ඒ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වනන් අපි කටයුතු කරනකොට කීප දෙනෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කෑ ගහනවා.ඒ කතා කරන්නේත් රාජ්‍ය නොවන සංවිධානවල සල්ලි වලට.ආණ්ඩුවක් විදියට මේව පාලනය කරන්න ඕන.

ප්‍රශ්නය- ඉදිරියේදි කැබිනට් මණ්ඩලය වෙනස් වෙයිද?

පිලිතුර- ඒක ජනාධිපති ගන්න ඕන තීන්දුවක්.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img