Monday, November 9, 2026
HomeNEWSනීති සරල කර, උණ කර්මාන්තය නංවා, නව රැකියා සහ විදේශ විනිමය ඉහළ...

නීති සරල කර, උණ කර්මාන්තය නංවා, නව රැකියා සහ විදේශ විනිමය ඉහළ දමමු – යදාමිණි ගුණවර්ධන පාර්ලිමේන්තුවට කියයි.

2023.06.06

නීති සරල කර, උණ කර්මාන්තය නංවා, නව රැකියා සහ විදේශ විනිමය ඉහළ දමමු – පා.ම. යදාමිණි ගුණවර්ධන පාර්ලිමේන්තුවට කියයි

ශ්‍රී ලංකාවේ උණ බම්බු කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම සංවර්ධනය කිරීමට කඩිනම් අවධානය යොමු කර, නව රැකියා අවස්ථා ඇති කිරීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට ඉහල දායකත්වයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. උණ ශාකය ප්‍රවාහනය සඳහා අවසර ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම හෝ ඉවත් කිරීම ඇතුළු නීති ලිහිල් කිරීම, ගංගා ආශ්‍රිත ප්‍රදේශවල උණ බම්බු ප්‍රශස්ත ලෙස භාවිතයට ඉඩ සැලසීම සහ උණ ශාක වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්මාන්තය හෝ වෙනත් කටයුතු සඳහා යොදාගනු නොලබන රජයේ ඉඩම් භාවිතා කිරීමට කටයුතු කිරීම තුළින් මෙය සිදුකළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවට 2023.06.06 දින කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමිනි. ඉන්දියාව හා බොහෝ අසල්වැසි රටවල් උණ ශාකය “කාර්මික භෝගයක්” ලෙස හඳුනාගෙන ඒ සඳහා ඇති සීමා අවම කර ඉහළ ආයෝජනයන් මඟින් වැඩි ප්‍රතිලාභ ලබා ගනිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. උණ ශාකය පරිසර සුරක්ෂතා උදෙසා, බලශක්ති උත්පාදන උදෙසා, ඉදි කිරීම් කර්මාන්ත උදෙසා, ගෘහ නිර්මාණ හා අලංකාරය උදෙසා, ආදී වශයෙන් වන රන්මය ආර්ථික බෝගයක් බව සඳහන් කළ ඔහු, පටක රෝපණය මගින් කඩිනමින් ඵල ලබාගැනීමේ හැකියාව පවතින හෙයින් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ශාකය ලෙස වසර 5ක් ඇතුලත අස්වැන්න ලබා ගැනීමට හැකියාව පවතින නිසා උණ බම්බු කර්මාන්තය ඉතා කඩිනමින් ප්‍රතිලාභ ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

සිය යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

“උණ බම්බු සහ ඒ ආශ්‍රිත කර්මාන්තයන්හි ගෝලීය වෙළඳපළ වටිනාකම 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 70 ඉක්මවිය. තිරසර කර්මාන්ත සඳහා පවත්නා ගෝලීය අවශ්‍යතාවය සහ වෙළඳපළ ඉතා වේගයෙන් ප්‍රසාරණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුල උණ පඳුරු ආශ්‍රිත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිහිවෙමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගයන් ලබාදීම තුළින් දේශීයව හා විදේශීයව ඉහල ආදායම් ලබා ගත හැක.

උණ බම්බු කපා ඉවත්කර කෙටි කාලයක් ඇතුලත පදම් කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරක යෙදීම සිදුකල යුතුය. නමුත් වර්තමානයේ ඒවා ප්‍රවාහනය සඳහා පවතින්නේ ඉතා යල් පැනගිය නීතීන්ය. එනිසා දැනට, උණ බම්බු 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනත සහ 1988 අංක 3 ජාතික උරුමයන් සහ වනගත ප්‍රදේශ පනත යටතේ “ගසක්” ලෙස වර්ගීකරණය කර ඇත. මෙම වර්ගීකරණයට අනෙකුත් ආරක්ෂිත ගස්, ලියානා, වේවැල් ආදිය තුළට උණ බම්බු ඇතුළත් වන හෙයින් ප්‍රවාහනය සඳහා ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හරහා අඩවි වන නිලධාරී වෙතින් ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමට සිදුවේ. ඊට ගතවන දීර්ඝ කාලය තුල කපන ලද උණ බම්බු විනාශ වී යාමට සිදුවීම නිසා බොහෝ ආයෝජකයින් මේ සදහා ආයෝජනය කිරීමට පැකිලෙමින් සිටී.

ගඟ ඉවුරු ආරක්ෂාව සඳහා වගාකර ඇති උණ පඳුරු නිසිලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් ගැටළු රාශියකට මුහුණ පා ඇත.

වර්තමානයේ මහවැලි අධිකාරිය පමණක් පැල මිලියනයකට අධික ප්‍රමාණයක්ද අනෙකුත් ආයතන හා පුද්ගලික අංශය, විශේෂයෙන් තේ කර්මාන්තශාලා ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා උණ පඳුරු වගාකර ඇත.

අවසාන වශයෙන්, ප්‍රවාහනය සඳහා අවසර ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම හෝ ඉවත් කිරීම, නීති ලිහිල් කිරීම, ගංගා ආශ්‍රිත ප්‍රදේශවල උණ බම්බු ප්‍රශස්ත ලෙස භාවිතයට ඉඩ සැලසීම සහ උණ ශාක වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්මාන්තය හෝ වෙනත් කටයුතු සඳහා යොදාගනු නොලබන රජයේ ඉඩම් භාවිතා කිරීමට කටයුතු කිරීම තුලින් මෙම අංශයේ ප්‍රවර්ධනයට, රැකියා අවස්ථා ඇති කිරීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට ඉහල දායකත්වයක් ලබා ගත හැක. මෙම යෝජනා සලකා බලා ශ්‍රී ලංකාවේ උණ බම්බු කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීමේ යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img