අඩු ආදායම්ලාභී අසරණ පවුල් වලට රජයෙන් සහනාධාර ලබාදීමේ දී විදුලි බිල පාදක කර ගැනීමෙන් අසාධාරණයක් නොවන බවත් නියම සුදුස්සන්ට එම සහනාධාරය ලබා දීමට විදුලි බිල මහඟු පිටුවහලක් වනු ඇති බවත් විරුද්ධ පක්ෂයේ ප්රධාන සංවිධායක සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්රකාශ කරයි .විදුලි බිල මගින් එම පවුල්වල ආදායම් තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් විදුලි බිල මගින් අක්රමිකතා සහ වැරදි දත්ත ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ජීවන තත්ත්වය මැනවින් අවබෝධ කරගැනීමට හැකියාව පවතින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පෙන්වා දෙන ලදී..






















