Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඅගමැතිකමට මහින්ද තරම් සුදුස්සෙක් නෑ.. ඔහුගේ නායකත්වයෙන් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි..

අගමැතිකමට මහින්ද තරම් සුදුස්සෙක් නෑ.. ඔහුගේ නායකත්වයෙන් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි..

අගමැතිකමට මහින්ද තරම් සුදුස්සෙක් නෑ… ඔහුගේ නායකත්වයෙන් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි...

ඉදිරි නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමට සියලු සුදුසුකම් සම්පුර්ණ කර සිටින එකම කෙනා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

අලුත් ආණ්ඩුවක් පිහිටුවා රට වැටි තිබෙන තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එක්ව ” සෞභාග්‍යයේ දැක්ම ” යථාර්තයක් කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,මෙවර මහ මැතිවරණයට දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත් දා නිකවැරටිය ,කොබෙයියගනේ ,මාවතගම,පරගස්දෙනිය ,පඬුවස්නුවර ප්‍රදේශ වල පැවැති ජන හමු වලට සහභාගී වෙමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපති වෙන කොට රට තිබුන තැන කවුරුත් දන්නවා .ත්‍රස්තවාදය පරාද කරල ඉහළ සංවර්ධනය ඇති රටක් බවට පත් කළා .එහෙම වුනේ දැක්මක් සහිත එඩිතර දේශපාලන නායකත්වය නිසා .

2015 දී කුමන්ත්‍රණකාරී ලෙස නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා රට බාර ගෙන විශාල විනාශයක් කළා .එදා ඒකට මිනිස්සු කීවේ එළ හරකා මී හරකා එකට ගැට ගැසුණා වැනි ආණ්ඩුවක් කියල .දෙන්න දෙපැත්තට අදිමින් අවුරුදු 5ක් ගත කළා .රට ආපස්සට ගෙන ගියා .

මහින්ද මහත්තය හදල දීපු රටට මොන තරම් අපරාධයක් කළාද ?කොටි ත්‍රස්තවාදීන් අවුරුදු 30 තිස්සේ මහ බැංකුව විනාශ කරන්න මාන බැලුවා .වෙඩි තියල බෝම්බ පිපිරෙව්වා .සිද්ධ වුනේ මතු පිටින් විනාශයක් විතරයි .යහපාලන ආණ්ඩුව ඇවිත් සතියකින් බැඳුම්කර හොරකම කළා .එයින් රටට වූ හානියේ ප්‍රමාණය කියන්න බෑ .මහ බැංකුවේ කීර්ති නාමයත් විනාශ කළා .

එදා අගමැති – ජනාධිපති දෙපැත්තේ සිට කළ විකාර රුපී ආණ්ඩුවේ වැඩ කවුරුත් දන්නවා .ජනතාව අසරණ වුණා .හැම පැත්තකින් ම වැටුණු රටක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බාර ගත්තෙ .

රට හදන්න සුදානම් වෙද්දී කොරෝනා වසංගතය ආවා .ඒ නිසා බොහෝ දේ කඩා වැටුනා .යළි අපි නැගිටින්න ඕනෑ .ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි .එහි අගමැති ධූරයට වෙනත් සුදුස්සෙක් නෑ .එතුමා උතුම් මානව හිතවාදියෙක් .ජනතාව තවමත් ආදරය කරන්නේ එනිසා .අපි එතුමා වටා පෙළ ගැසෙමු යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img