Monday, November 9, 2026
HomeNEWSකඩිමුඩියේ ගෙනෙන පනත් වලින් ඵලක් නැහැ. දේශීය සහ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍ර දෙකම...

කඩිමුඩියේ ගෙනෙන පනත් වලින් ඵලක් නැහැ. දේශීය සහ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍ර දෙකම රැකගත යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

කඩිමුඩියේ ගෙනෙන පනත් වලින් ඵලක් නැහැ. දේශීය සහ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍ර දෙකම රැකගත යුතුයි.

වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ සහමුලින්ම විනාශ කිරීමේ ප්‍රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට නීති රාමුවක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්,ඒ නීති රාමුව සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය අනු ක්ෂේත්‍ර දෙකටම ගැලපෙන පරිදි බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා ඇතුලු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීම සහ නිසියාකාරව තත්ත්වය තේරුම් ගැනීම බව පැවසූ විපක්ෂ නායකතුමා ,දැනට ඉදිරිපත් කරන්නට සූදානම්ව තියන පනත ද ඒ පාර්ශ්වයන් වහාම වහාම කියවා අවබෝධ කරගත යුතු යැයි ද පැවසීය.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

NEWS CLIP ♦️ https://youtu.be/w_CXaz1Jurs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img