Saturday, November 14, 2026
HomeNEWSසමනල වැවෙන් උඩවලවට ජලය මුදාහැරීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තූතිවන්ත වන බව නියෝජ්‍ය...

සමනල වැවෙන් උඩවලවට ජලය මුදාහැරීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තූතිවන්ත වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කියයි.

සමනල වැවෙන් උඩවලවට ජලය මුදාහැරීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තූතිවන්ත වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි
උඩවලවේ ගොවිබිම් හෙක්ටයාර 24,000ක් වෙනුවෙන් සමනල වැවෙන් ජලය මුදා හැරීමට ආණ්ඩුව ගත් තීරණයට එම ගොවි ජනතාව නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ජනතා නියෝජිතයින් වෙනුවෙන් තමා ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
උඩවලව ජලාශය සහ චන්ද්‍රිකා වැවෙන් ජලය ගොවි ජනතාවට නොලැබීම නිසා මොණරාගල , හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවල ගොවි පවුල් රැසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන නිසා මේ ගැන ආණ්ඩුවේ අවධානය කඩිනමින් යොමු කරන ලෙස මීට පෙර ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව නියෝජ්‍ය කථානායකවරයා සිහිපත් කරයි.
එම ඉල්ලීමට කඩිනමින් අවධානය යොමුකරමින් ගොවිතැන ප්‍රමුඛ කෘෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලිය නිෂ්පාදනය කිරීමට ද සමනල වැවෙන් ජලය නිකුත් කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි.
දැඩි වියළි කාළගුණයක් නිසා ඇතිවුණු මෙම තත්ත්වය මුලික කරගෙන පටු දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කිරීමත් අසරණ ගොවි ජනතාව උසි ගන්වා පාරට බැස්සවීමට කටයුතු කිරීම වැනි ක්‍රියා අනුමතකළ නොහැකි බවත් පෙන්වාදෙන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටින්නේ මෙම ගැටළුව විසඳීම සඳහා සියලුම දෙනා දැඩි වගකීමකින් ක්‍රියා කළ යුතු බවයි.

මෙම ගැටළුව පෙන්වා දුන් ජනතා නියෝජිතයින්ට සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයෙන් මඩ ගැසීමට විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක් කටයුතු කිරීම තරයේ හෙළා දකින බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයක් හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකටම මෙම තත්ත්වය උදාවී ඇති අතර මේ අවස්ථාවේදී සමනල වැව ජලාශයේ ජලය නිසි කළමනාකරණයක් යටතේ නිකුත් කිරීමට කටයුතු කිරීම තුළින් උඩවලවේ ගොවි මහතුන්ට යම් සහනයක් හිමිවන බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටී.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)
ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img