Monday, November 9, 2026
HomeNEWS"ජයග්‍රහණවලදී ලැබෙන සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තූළ නැහැ! -සඳ...

“ජයග්‍රහණවලදී ලැබෙන සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තූළ නැහැ! -සඳ තරණය කළ ඉන්දියාවට ප්‍රණාමය පුද කරමින් විමල් පාර්ලිමේන්තුවේදී කියයි.

“ජයග්‍රහණවලදී ලැබෙන සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තූළ නැහැ! -සඳ තරණය කළ ඉන්දියාවට ප්‍රණාමය පුද කරමින් විමල් පාර්ලිමේන්තුවේදී කියයි

රටක් ලෙස ජයග්‍රහණයක් ලබා ගත් විට, වැසිකිලි නැති සංඛ්‍යාව, නූගතුන් සංඛ්‍යාව, කුල ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව ආදිය පිළිබඳව පෙන්වා දෙමින් එම සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තුළ නැති බවත් ඒ පිළිබඳව ආඩම්බර වෙමින් අපේ තරුණ පරපුරට ද එය ඉන්දියාවෙන් ඉගෙන ගන්නා ලෙස අවධාරණය කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(24) පාර්ලිමේන්තුවේදී ඉන්දියාව සඳ තරණය කළ හතරවැනි රට බවට පත්වීම පිළිබඳව සිය ප්‍රණාමය පුද කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“සඳ තරණය සඳහා ඉන්දියාවට බිලියන ගණනක ධනස්කන්ධයක් වැය වන විට, ‘වැසිකිලි නැති මෙච්චරක්, දුප්පතුන් මෙච්චරක්, කුල ගැටුම් නිසා පීඩාවට පත්වූ මෙච්චරක්, නූගතුන් මෙච්චරක් ඉන්නවා’ යැයි කියමින් ඒ සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තුළ නැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. ඉන්දියාවේ තරුණ පරපුර මොන කුලයේ, ගෝත්‍රයේ, වර්ගයේ වුවත් තමන්ගේ ජාතික කොඩිය සහ ජාතිකත්වය සමග පුදුමාකාර හැඟීමකින් ඉන්නවා.

එසේ කවර හෝ අඩුපාඩු පදනම් කරගනිමින් කාලකන්නි ගැරහීමට ඔවුන් ගිහින් නැහැ. ඒ සඳහා ඉන්දියානු සිනමාව මහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ‘අපේ තරුණ පරම්පරාවත් එය ඉන්දියාවෙන් ඉගෙන ගත යුතුයි’ කියා අවධාරණය කරමින් සඳ තරණය කළ ලෝකයේ 4 වැනි රටට, අපේ අසල්වැසියාට අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කර සිටිනවා.”

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-08-24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img