ශ්රී ලංකාවට ටෙස්ට් ක්රිකට් තත්වය විවෘත ආර්ථිකය ක්රියාත්මක වූවානම් හැත්තෑව දශකයේ මුල් කාලයේ දී ම ලැබෙන බව විරුද්ධ පක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කලේය .මේ බව ප්රකාශ කළේ ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවිදි කල්තැබීමේ අවස්ථාවේ විභාගයට සහභාගි වෙමිනි. විවෘත ආර්ථිකය හැටේ දශකයේ ක්රියාත්මක නොවූ නිසා එදා දක්ෂ ක්රීඩකයින් සිටියද ශ්රී ලංකාවට ටෙස්ට් ක්රිකට් තත්වය හිමි නොවූ බවත්1977 දී මෙරට විවෘත ආර්ථිකය ක්රියාත්මක වීමෙන් පසුව 80 දශකයේ මුල මෙරට ටෙස්ට් තත්ත්වය හිමි වූ බවක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පෙන්වා දෙන ලදී .ඒ වගේම ඒ මහතා මෙහිදී කියා සිටියේ වර්තමාන තේරීම් කමිටුවේ නිළධාරීන් තරඟ නැරඹීමට නිසියාකාරයෙන් සහභාගී නොවන බවයි .තරග නැරඹීම සඳහා තේරීම් කමිටුවේ නිළධාරීන් අනිවාර්යෙන්ම සහභාගී යුතු බවත් පාසල් ක්රිකට් ,ක්රිකට් සමාජ තරග නැරඹීම සඳහා ඔවුන් නිරන්තයෙන්ම සහභාගි වනවා නම් දක්ෂ ක්රීඩකයින් හඳුනාගත හැකි බව ද පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.






















