Monday, November 9, 2026
HomeNEWSඅර්බුදයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීමට ආසියානු සංවර්ධන බැංකුවේ පැසසුම්..

අර්බුදයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීමට ආසියානු සංවර්ධන බැංකුවේ පැසසුම්..

අර්බුදයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීමට ආසියානු සංවර්ධන බැංකුවේ පැසසුම්..
පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට පූර්ණ සහය..

ආර්ථික අර්බුදයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යළි නඟා සිටුවීම සඳහා දක්වන උනන්දුව අගය කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එහි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadano මහතා සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී අධ්‍යක්ෂ තකෆුමි මහතා මේ බව පැවැසීය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බල ශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කර ගනිමින් ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති රැසක් වෙනුවෙන් සහය දක්වන බවයි.
අර්බුදකාරී තත්ත්වය මග හරිමින් ශ්‍රී ලංකාව නැඟී සිටීම වෙනුවෙන් කරන කැප කිරීම් අගය කළ අධ්‍යක්ෂවරයා කියා සිටියේ, සෑම අර්බුදයක් විසින් ම නව අවස්ථාවන් නිර්මාණය කරන බවයි. එතුළින් දිගු කාලීන තිරසාර ආර්ථිකයක් කරා ගමන් කිරීමේ හැකියාව ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දිය හැකි සහය අඛණ්ඩව ලබා දෙන බවයි ඔහු කියා සිටියේ. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව උනන්දුවෙන් පසු වන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අර්බුදකාරී සමයේ දී මෙන්ම ඉන් නැගී සිටිමින් සිටින අවස්ථාවේ දී ද දක්වන සහය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළ කරන බවයි. අර්බුදයේ දී වඩාත්ම පීඩාවට පත් වූ කණ්ඩායමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක ක්ෂේත්‍රය හඳුනා ගත හැකි බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ වඩාත් ඉක්මණින් යථා තත්ත්වයට පත් කළ යුතු ක්ෂේත්‍රය ද එය වන බවයි. එම ක්ෂේත්‍රය වෙනුවෙන් රජය මෙතෙක් ලබා දුන් විවිධ සහන පිළිබඳ අවධාරණය කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තව දුරටත් ඔවුන් වෙත සහය අවශ්‍ය බවයි.
අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img