Monday, November 9, 2026
HomeNEWSඅලි මිනිස් ගැටුම ගැනත් වන ජීවී අමාත්‍යාංශයේ ස්වේච්ඡා හා අනියම් සේවකයන්ගේ රැකියා...

අලි මිනිස් ගැටුම ගැනත් වන ජීවී අමාත්‍යාංශයේ ස්වේච්ඡා හා අනියම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැනත් විපක්ෂ නායක සජිත් හඬ නගයි

අලි මිනිස් ගැටුම ගැනත් වන ජීවී අමාත්‍යාංශයේ ස්වේච්ඡා හා අනියම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැනත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හඬ නගයි

අලි මිනිස් ගැටුම බරපතලව ක්‍රියාත්මක වන බවත් එම නිසා දේපල හා ජීවිත හානි බහුලව සිදුවන බවත් ඒ සඳහා වන්දි ලබා දීම සම්බන්ධයෙන් නිසි වැඩසටහනක් ඇත් ද කියා විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

අප රටට ඉඩම් පරිහරණ වැඩසටහනක් අවශ්‍ය බවත් එය ජාතික වැඩපිළිවෙළක් විය යුතු බවත් ඒ තුළින් අලි මිනිස් ගැටුම අවම කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. වන අලි මිනිස් ගැටුම සංවේදී ප්‍රදේශ ඒ තුළින් හදුනා ගෙන අලි කොරිඩෝ වැනි වැඩසටහන් හරහා ඊට අවශ්‍ය පියවර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) පාරිසරික වනජීවී හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ආංශික කාරකසභාවට එක්වෙමිනි.

2014- 2015 ජනාධිපතිවරනය සමයේ දින 180ක සේවාව සම්පූර්ණ කල සියලුම රජයේ ස්වේච්ඡා හා අනියම් සේවකයන් ස්ථිර කළ බවත් එය 2019 සිදු නොවූ බවත් ඒ නිසා අදටත් වසර ගණනාවක් වන ජීවී ක්ෂේත්‍රයේ ස්වේච්ඡා සේවයේ නිරත විශාල පිරිසක් සිටින බවත් මේ අයගේ සේවා ස්ථිර කිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙම ස්වේච්ඡා සේවයේ 300කට ආසන්න සුළු පිරිසක් සිටින බවත් ඔවුන්ව ස්ථිර කිරිමට අවශ්‍ය කැබිනට් තීන්දුවක් සම්මත වුවත් මැතිවරනයත් සමඟ එය අඩපණ වූ බවත් ඔවුන් වසර 10ක සිට වන ජීවී ක්ෂේත්‍රයේ නිරතව සිටින බැවින් ඔවුන්ගේ අනාගතය උදෙසා එය ස්ථීර කරන ලෙසත් උපදේශන කාරක සභාවේ දී මෙය සාකච්ඡා කරන විට විෂය භාර අමාත්‍යවරයා එය අනුමත කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුවට නිසි පිරිස් සම්පතක් නොමැති බවත් සිටිනා සේවකයන්ට පවා තෘප්තියකින් යුතුව සේවය කළ නොහැකි තත්ත්වයක් ඇති ව තිබෙන බවත් ඔවුන්ගේ සේවය පැය 24ම සිදුවන දුෂ්කර සේවාවක් බැවින් ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔවුන්ව පාර්ලිමේන්තුවට ගෙන්වා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඒ සදහා විපක්ෂ නායකවරයා ලෙස තමා ද සහාභාගී වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

මෙම පිරිස් හට කුමන අධ්‍යාපන සුදුසුකමක් තිබුණත් ඔවුන් වනජිවී ක්ෂේත්‍රයේ ඉහළ සුදුසුකමක් ඇති බැවින් මොවුන්ද බහුකාර්ය සේවකයන් ස්ථිර කිරීමේ වැඩසටහන යටතේ ස්ථිර කර දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img