බංගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ බෝලියද්ද මංසන්ධියේ සිට කොහුගොඩ ඉහළ මලිදූව මාර්ගය පිවිසුමේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකිරීමට පියවර..
බෝලියද්ද මංසන්ධියේ සිට ඉහළ මලිදූවට පිවිසෙන මාර්ගයේ දිගිලි ඇල හරහා වැටී ඇති අබලන් පාලම නිරීක්ෂණය සදහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී .ඩබ්ලිව් ගමගේ මැතිතුමා 2023/09/27 දින පස්වරුවේ එහි පැමිණියේය.
එහිදී නව පාලම ඉදිකිරීම පිළිබඳව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ගම්වාසීන් සමග සුහද පිළිසකර නිරතවූ ගරු ආණ්ඩුකාරතුමා, පාලම ඉදිකිරීමට නියමිත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ හිමිකාරිත්වයට දුරකථනයෙන් කතා කොට හැකි ඉක්මනින් නව පාලමේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස පවසන ලදී.
පාලම ඉදිකිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් ලබා දීමට මෙන්ම ඉදිකිරීම් උපකරණ රඳවා තැබීමට ස්ථානයක් සොයා දීමට සහ අනෙකුත් අවශ්‍ය උදව් ලබා දීම වෙනුවෙන් ඉහළ මලිදූව ග්‍රාම නිලධාරීතුමියට, හිටපු මන්ත්‍රී චමින්ද ප්‍රදීප් කුමාර මහතාට, පුවක්වත්ත පන්සලේ ස්වාමීන්වහන්සේ ප්රමුඛ ගම්වාසීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා වැඩමවා වදාළ පුවක්වත්ත විහාරස්ථානයේ ධම්මින්ද ස්වාමීන්වහන්සේ, හිටපු ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී චමින්ද ප්‍රදීප් කුමාර මහතා (දොලමාවත කොට්ඨාසය), දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) අනුර ගුණවර්ධන මහතා, අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී අරවින්ද මහතා, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරී ඒ.ඩී වික්‍රමනායක මහතා, 312 ඉහළ මලිදූව ග්‍රාමසේවා නිලධාරී පී.එම්.එන්.ජී කුමුදුනී මහත්මිය, පාලම ඉදිකරන නෙදර්ලන්ත ෆෝසයිඩ් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සමරසිංහ මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන්, ඉහළ මලිදූව ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.






















