Friday, September 4, 2026
HomeNEWSLatest Newsරටේ සංවර්ධනයට උතුර-දකුණ කියලා වෙනසක් නැහැ......

රටේ සංවර්ධනයට උතුර-දකුණ කියලා වෙනසක් නැහැ……

රටේ සංවර්ධනයට උතුර-දකුණ කියලා වෙනසක් නැහැ……

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්  කර සිටියේ අද (2020.07.01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි දමිළ මාධ්‍යවේදින් හමු වූ අවස්ථාවේදිය.

උතුරු -නැගෙනහිර පළාත්වල 1977 වසරෙන් පසුව, 2005-2010  තම රජය පැවති සමයේදි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලැස්මකින් යුතුව සිය ආණ්ඩුව කටයුතු කළ බවද සඳහන් කළේය.

තම රජය සමයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති හැරුණුකොට පසුගිය යහපාලන රජය උතුරු-නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවත් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන දෙමළ ජාතික සන්ධානය පවා එම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවට දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් පමණක් කටයුතු කළ බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එම ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් වන පානීය ජල ගැටළුව විසඳිම සඳහා තම රජය ප්‍රමුඛතාවය ලබාදෙන බවද සදහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.

එමෙන්ම උතුරේ ජනතාවගේ සැබෑ ගැටළු පිළිබඳව රජය දැනුවත් කිරීම මාධ්‍යවේදින්ගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදි පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන,තාක්ෂණ සහ නවොත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img