Monday, November 9, 2026
HomeNEWSරට ගොඩනැංවීම සඳහා උපරිම සහය ලබාදෙන බව ඊජිප්තු තානාපති නියෝජ්‍ය කථානායක අජිත්...

රට ගොඩනැංවීම සඳහා උපරිම සහය ලබාදෙන බව ඊජිප්තු තානාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට පවසයි.


රට ගොඩනැංවීම සඳහා උපරිම සහය ලබාදෙන බව ඊජිප්තු තානාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට පවසයි

ශ්‍රී ලංකාවේ ඉදිරිකටයුතු වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට ඊජිප්තුව සුදානම් බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගෙඩ් මෝෂ්ලේ (Maged Mosleh) මහතා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය රට ‍ගොඩනැංවීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට ඊජිප්තුව සහාය ලබාදෙන බව ද ඊජිප්තු තානාපතිවරයා සඳහන් කළේය.
ඊජිප්තු තානාපතිවරයාගේ ආරාධනයකට අනුව පසුගියදා මෙම හමුව පැවැත්වුණේ කොළඹ පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලයේදීය.
දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා – ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක අවශ්‍යතාවය පෙන්වා දුන් ඊජිප්තු තානාපතිවරයා කියා සිටියේ එය කඩිනමින් පිහිටුවීමට අවශ්‍ය බවයි.
ඊජිප්තු ඉතිහාසය, ඊජිප්තු – ශ්‍රී ලංකා අතීත සම්බන්ධතා පිළිබඳව ද දීර්ඝ විස්තරයක් කළ තානාපතිවරයා කියා සිටියේ ආර්ථීක, දේශපාලන, සමාජීය, සංස්කෘතික, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට ඉදිරියේදී කටයුතු කළ හැකි බවයි.
මේ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තු පාර්ලිමේන්තුව අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් ගොඩනැගීම මුලින්ම කළ යුතු බව තීරණය කෙරුණු අතර ඒ සඳහා වන යෝජනාව තමා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යොමුකොට ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථීක වර්ධනය හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම ‍සම්බන්ධයෙන්ද මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමු කෙරුණි.
ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය, වනජීවි ජාතික උද්‍යාන නැරඹීමටත්, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ආස්වාදය විඳගැනීම ඊජිප්තු ජාතිකයින්ට නැවුම් අත්දැකීමක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ දෙරට අතර මිත්‍රත්වය වැඩි කරගැනීම තුළින් තවත් ප්‍රයෝජන රැසක් රටවල් දෙකටම හිමිවන බවයි.
මෙම අවස්ථාවට සහභාගී වු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ඈත අතීතයේ සිටම සම්බන්ධකම් තිබුණු බවයි.
හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය ඊජිප්තුව හැමදාමත් අගය කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් පෙන්වා දෙන ලදී.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, වීරසුමන වීරසිංහ, එම්. රාමේෂ්වරන්, වරුණ ලියනගේ, ඩබ්ලිව්. වීරසිංහ, මොහොමඩ් මුසම්මිල්, ඉසුරු දොඩංගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක් වුහ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කවුන්සිලර් (Counsellor) මොහොමඩ් මඩී (Mohomed Mady) මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
අදාළ ඡායාරූප E-mail සහ WhatsApp මඟින් එවා ඇත. වීඩියෝ දර්ශනද එවා ඇත.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)
ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img