Monday, November 9, 2026
HomeNEWSමුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට සුදානම් - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට සුදානම් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට සුදානම් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියයි

පාර්ලිමේන්තුවේදී මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.10.04 දින අවධාරණය කළේය. ස්ථාවර නියෝගවල ඇති එම අවස්ථාව ලබාදීම සිදු කළ යුත්තේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව බව ඔහු කියා සිටියේය. එම ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝගවල තිබෙන, ‘අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න’ නමැති අවස්ථාව ක්‍රියාත්මක නොවීම පිළිබඳ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝගවල මෙසේ සඳහන් වේ

“අග්‍රාමාක්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න

38, ( 1 ) සෑම මාසයකම පළමුවැනි රැස්වීම් සතියේ බදාදා වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති කාලය තුළ මිනිත්තු තිහක කාලයක්  ප්‍රශ්න හතරකට නොවැඩි සංඛ්‍යාවක් අග්‍රාමාත්‍යවරයාගෙන්  අසනු ලැබීම සඳහා වෙන්කරනු ලැබිය යුත්තේය. අග්‍රාමාත්‍යවරයා පළමු බදාදා පැමිණ නොසිටියි නම් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තත් කාර්යය සඳහා එම මාසය තුළ වෙනත් යෝග්‍ය දිනයක් තීරණය කරනු ලැබිය හැකිය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img