- 2023 වසරේ මුල් මාස නවය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව
විදේශ ප්‍රේෂණවල 68.8%ක වර්ධනයක්.. - – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ –
2023 වසරේ මුල් මාස 09 තුළ ඉකුත් වසරේ එම කාලයට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 68.8%ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ට්වීටර් පණිවිඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස 09 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4345.1ක් ලෙස දැක්වෙන බවයි. ඉකුත් වසරේ දී එම කාලය තුළ ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ ඇ.ඩො. මිලියන 2574.7ක් ලෙසිනි.
මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ඇ.ඩො. මිලියන 482.4ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය තුළ එම අගය දැක් වුණේ ඇ.ඩො. මිලියන 359.3ක් ලෙසිනි.
මෙම වැඩිවීම විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට උපකාරී වන අතර වෙළෙඳ හිඟය පියවා ගැනීමට සහ වේගවත් ප්‍රකෘතිමත් වීම සඳහා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමට සේ ම ආර්ථික වර්ධනයට හේතු වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.
විමසීම් :- අනුරංග නිසල් 076-2044349






















