ගාසා තීරයේ දැනට පවතින ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යම් ගැටලුවක් වී ඇද්දැයි දැඩි විමසිල්ලෙන් සොයා ලෙසට විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දී තිබේ.මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික ශ්‍රමයකින් ගැන දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කර ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසත් මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකතනයෙන් දැනුම් දී ඇති අතර තත්වය ගැන හැම විටම තමා ව දැනුවත් කරන ලෙසටද ඇමැති මනුෂ නානායක්කාර මහතා උපදෙස් ලබා දී තිබේ.






















