Sunday, November 1, 2026
HomeNEWS‘‘පොහොට්ටු ආණ්ඩුව රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාවයි‘‘ - ගයන්ත කරුණාතිලක.

‘‘පොහොට්ටු ආණ්ඩුව රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාවයි‘‘ – ගයන්ත කරුණාතිලක.

‘‘පොහොට්ටු ආණ්ඩුව රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාවයි‘‘ – ගයන්ත කරුණාතිලක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බවත් එම අවසන් ජවනිකාව රඟ දක්වන්න ආණ්ඩුවට තව තිබෙන්නේ මාස දෙකක පමණ කාලයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ , විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දලා තිබෙන බවත් අවුරුද්දකුත් මාස 2 ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකරලා තිබෙන බවත් මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බවත්ය.

ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට තිබෙන මැතිවරණ ගණනාවක් කටඋඩ තිබෙද්දී ආණ්ඩුව මැතිවරණ ක්‍රම සංශෝධනය කරන්න උප්පරවැට්ටි දමමින් සිටින බවත් ජනාධිපතිවරණය ලබන වසරේ තිබෙන බව එජාප පක්ෂ සම්මේලනයේදී ජනාධිපති ප්‍රකාශ කිරීමත් මැතිවරණ නීති සංශෝධනය කරන්න ජනාධිපතිවරයා කොමිසමක් පත් කිරීමත් හරහා පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ තිබෙන දෙබිඩි පිළිවෙත බවත් ගයන්ත කරුණාතිලක මහතා හෙතෙකම සඳහන් කළේය.

ජනතාවට තමන් කැමැති පාලකයෙකු තෝරා ගැනීමට සහ තමන් කැමැති ආණ්ඩුවක් පත් කරගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් එම අයිතීන්ට බාධා කර ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරන්න එපා යැයි රජයට බලකර කියා සිටින බවත් විකෘති ජනමතය වෙනුවට සැබැ ජනමතයක් උරගා බලන්න ජනතාවට මැතිවරණ ලබාදීම රජයේ වගකීමක් බවත් කරුණාතිලක මහතා කීය.

ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ අද (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.

‘‘රටක් විදිහට ඉතිහාසය පුරාම නොයෙක් ව්‍යවසනවලට මුහුණ දීලා තිබෙනවා. මහා ගංවතුර , සුනාමි , අභ්‍යන්තර කැරලි කෝලාහල , බෙදුම්වාදි යුද්ධයට මුහුණ දුන්නා. නමුත් මේ කිසිම දේකට අපේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න පුලුවන් වුණේ නෑ. නමුත් හොර පවුල් පාලනයකට රට බිඳ වට්ටලා රට බංකොලොත් කරන්න පුලුවන් වුණා. බංකොලොත් කරපු රටේ ආර්ථිකය හදන්න පුලුවන් ඒක අපේ වැඩක් කියලා ඊට අවශ්‍ය විදෙස් සම්බන්ධතා භාවිතා කරන්නම් කියලා ලෝකයෙන් ආධාර ගන්න පුලුවන් කියලා රාජ්‍යත්‍රන්ත්‍රික සබධතා භාවිතා කරන්න පුලුවන් කියලා කයිවාරු ගහපු රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් බලයට ආපු ජනාධිපතිට සහ පොහොට්ටු ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය අදාල කාලසීමාවේදී නිදහස් කර ගන්න බැරි වෙලා තිබෙනවා.

ජනතාව මත බදු බර පටවන එක දවසින් දවස ආණ්ඩුව සිදුකරමින් සිටිනවා. දවසක් හෝ බලයේ ඉන්න දේශපාලන නූල් සුත්තර ගහන එක තමයි ජනබලයක් නැති විකෘති ආණ්ඩුවේ අවසන් ජවනිකාව බවට පත්වෙලා තියෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක පොහොට්ටු ආණ්ඩුවට තමන් රග දක්වන අවසන් ජවනිකාව රඟ දක්වන්න තව ඉදිරිවෙලා තියෙන්නේ මාස දෙකක් වගේ කාලයක්. ආණ්ඩුවේ සුරංගනා ලෝකය කඩා වැටෙන්න ලගයි. ආණ්ඩුවට දවසින් දවස එල්ල වන ජනතා විරෝධය වැඩිවෙලා තිබෙනවා.

ජනතාවගේ අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍යවල මිල දිනපතා ඉහළ යාමෙන් ජනතාව දිනෙන් දින පීඩනයට පත් වෙමින් සිටිනවා. උද්ධමනය පහළ යන බව ආණ්ඩුව සංඛ්‍යා ලේකන ඉදිරිපත් කළත් කඩේට ගියාම උද්ධමනය පහළ ගිහින් ඉහළ ගිහින්ද කියලා ප්‍රායෝගිකව බලාගන්න පුලුවන්. රටේ අහිංසක ජනතාවට එදිනෙදා වේල පරිමහගන්න තිබුණ එකම ආහාර වන කට්ටසම්බෝලය ඇඹුලටත් හෙනහුරා පහත් වෙලා. වෙළඳපොලෝ දෙහි කිලෝවක් රුපියල් 2000 කට ආසන්න මිලකින් ඉහළ ගිහින් තිබෙනවා.

විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දලා තිබෙනවා.2022 දි විදුලි බිල සියයට 75 කින් වැඩිකළා. 2023/ 02 / 15 දින සියයට 66.2 ක් වැඩි කළා. 2023 ඔක්තෝම්බර් 20 විදුලි බිල සියයට 18 කින් වැඩිකළා. අවුරුද්දකුත් මාස 2 ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකරලා තිබෙනවා. විදුලිබල පනතට අනුව වසරකට විදුලිබිල වැඩිකරන්න පුලුවන් දෙවතාවයි. විදුලි බල ඇමැති කියනවා ඕන වේලාවක විදුලිබල මණ්ඩලයට විදුලි බිල වැඩි කරන්න පුලුවන් කියලා. විදුලි බල ඇමැති කියනවා මාස තුනෙන් තුනට විදුලි බිල සංශෝධනය කරන්න කැබිනට් අනුමැතියක් ඉල්ලනවා කියලා. විදුලි බිල වැඩි කරපු හැම වේලාවෙම ඇමැති කිව්වා විදුලිබල මණ්ඩලය අසීමිතව පාඩු ලබනවා කියලා. එ්ක මකා ගන්න විදුලි බිල වැඩිකරනවා කියලා ඇමැති කිව්වා. විදුලිබල ඇමැති රටේ ජනතාවට කියන්න ලංවීම පාඩු ලබන්න හේතු වුණ කරුණු මොනාද කියලා. ඇමැතිවරයා මොන කතා කිව්වත් මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බව පැහැදිලියි.

රජය මිල ගණන් ඉහළ දාන්නේ වර්තමානයේ තිබෙන ප්‍රශ්න ගැන විතරක් පෙන්නලා නෙවෙයි. ලබන අවුරුද්දේ රට වියළි කාලගුණයක් සහිත රටක් බවට පත්වෙන්න ඉඩ තිබෙන නිසා ඒ ගැනත් හිතලා විදුලි බිල වැඩි කළේ කියලා ආණ්ඩුව කියනවා. මේ මට්ටමට අද රජය පත්වෙලා තිබෙනවා.

ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට තිබෙන මැතිවරණ ගණනාවක් කටඋඩ තිබෙද්දී ආණ්ඩුව මැතිවරණ ක්‍රම සංශෝධනය කරන්න උප්පරවැට්ටි දමමින් සිටිනවා. ජනාධිපතිවරණය ලබන වසරේ තිබෙනවා කියලා එජාප පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කරනවා. මැතිවරණ නීති සංශෝධනය කරන්න ජනාධිපතිවරයා කොමිසමක් පත් කරනවා. මෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ දෙබිඩි පිළිවෙතයි. අගමැතිවරයා මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් කැඳවලා තිබෙනවා. නියමිත පරිදි බලන වසරේ මැතිවරණ පවත්වන බව කියමින් ජනාධිපතිවරයා අගමැතිවරයා කොමිසන් පත් කරගෙන කමිටු පත් කරගෙන මේ සූදානම් වෙන්නේ ඉදිරි මැතිවරණ කල් දැමීමට දැයි සැකයක් දේශපාල පක්ෂවලට මෙන්ම රටේ ජනතාවට ඇති වෙලා තිබෙනවා.

වසර ගණනාවක සිට පළාත් පාලන මැතිවරණය අතුරුදහන් කරලා. මැතිවරණ තියන්න මුදල් නැ කියමින් මැතිවරණ කල් දාන ආණ්ඩුව මැතිවරණ ක්‍රම වෙනස් කරන්න බව පවසමින් ජනතා පරමාධිපත්‍ය පාපිස්ස යට සඟවන්න අසාර්ථන උත්සායක නිරත වෙනවා. ව්‍යවස්ථා සංශෝධන ජිල්මාට් වලට අමතරව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වැනි කැරට් අල පෙන්වමින් සිටින බව පැහැදිලිව පෙනෙනවා.

ඉතිහාසයේ කවදාවත් නැති තත්ත්වයක අර්බුදයකට ජනතාව අද මුහුණ දීලා තිබෙනවා. ජනතාවගේ ආදායම් මාර්ත ඇහිරිලා තිබෙන්නේ. ජීවන බර දරාගන්න බැරි මට්ටමකට ඉහළ ගිහින්. ජල ගාස්තු , විදුලි ගාස්තු , ඉන්ධන මිල , බස්ගාස්තු , දුම්රිය ගාස්තු දරුවන්ගේ අධ්‍යාපන විදයම් අසීමිත ලෙස ඉහළ ගිහින් තිබෙනවා.

උගතුන් බුද්ධිමතුන් දිනපතා රටහැර යන තත්ත්වයක් දකින්න තිබෙනවා. වෛද්‍යවරු , වෘත්තිකයින් , සරසවි ආචාර්යවරු , ගුරුවරු , මෙන්ම ගෙවල් දොරවල් විකුණලාහරි ජනතාව වෙනත් රටකට යන්න අද උත්සහ කරන තත්ත්වයක් තිබෙන්නේ. ජනතාවට තමන් කැමැති පාලකයෙකු තෝරා ගැනීමට සහ තමන් කැමැති ආණ්ඩුවක් පත් කරගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. එම අයිතීන්ට බාධා කරලා ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරන්න එපා කියලා රජයට බලකර සිටිනවා. එක එක ජිල්මාට් දාලා පළාත් පාලන මැතිවරණය , පළාත් සභා මැතිවරණය අතුරුදහන් කළා වගේ කටයුතු කරන්නේ නැතුව විකෘත ජනමතය වෙනුවට සැබැ ජනමතයක් උරගා බලන්න ජනතාවට මැතිවරණ ලබාදෙන්න ඒක රජයේ වගකීමක්.‘‘

====================================
ප්‍රශ්නය – ඇමැතිවරු කිහිප දෙනෙකුගේ විෂයපථයන් ඊයේ මාරැ වුණා මේ ගැන ඔබගේ අදහස

පිළිතුර – සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ සිදුවන බරපතල දූෂණ අක්‍රමිකතා වංචා ගැන අපි දිගින් දිගටම කතාකළා. රටේ ජනතාවගේ මතය නියෝජනය කරමින් සෞඛ්‍ය ඇමැතිට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒ අවස්ථාවේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි භාවිතා කරලා ජන මතයට පිටුපාලා සෞඛ්‍ය ඇමැතිවරයා ආරක්ෂා කළා. ඊයේ වනවිට ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා විපක්ෂය ගෙනාපු විශ්වාසභංගයේ කරුණු සත්‍ය බව. ඒ අනුව සෞඛ්‍ය ඇමැතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කරන්න ඇත්තේ. ඇමැතිවරු මාරු කළ පමණින් සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ ගැටලු යටපත් කරන්න පුලුවන් කමක් නෑ. රමේෂ් පතිරණ ඇමැතිවරයාට වගකීමක් තිබෙනවා. බාල ඖෂධ ගෙන්නපු මාෆියා ගැන හොයන්න බාල ඖෂධ නිසා අහිමි වුණ ජීවිත වලට වගකිව යුත්තන් නීති හමුවට ගේන එක. මහජන මුදල් ගිලපු අය කවුද කියන එක රටට පෙන්වන එක. ඒ අහිමි වුණ අසීමිත ධනස්කන්දය ලබාගැනිමේ ක්‍රම අනුගමනය කරන එක. ගොවින්ට වතුරු ටික පොහොර ටික දෙන්න බැරිවුණ කෘෂිකර්ම ඇමැතිට වැවිලි කර්මාන්තය භාරදුන්නා. ඇමැතිමාරුවෙන් පස්සේ පොහොට්ටුවේ මහලේකම් ඊට විරුද්ධව කතා කරනවා.

ප්‍රශ්නය – ඩයලා ගමගේ මන්ත්‍රීවරියගේ ප්‍රශ්නය පිළිබඳ අරගෙන තිබෙන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද

පිළිතුර – එම සිද්ධිය සොයා බලා වාර්තා කරන්න කතානායකවරයා විසින් නියෝජ්‍ය කතානායකගේ සභාපතිත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළා. සමගි ජනබලවේගයෙන් ඉමිතියාස් බාකිර් සහ මාව පත් කරලා තිබෙනවා. ඒ කමිටුව හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙනවා.

ප්‍රශ්නය – සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ විදුලිබිල අඩුකරනවාද මොන වගේ ක්‍රමවේදද ගන්නේ.

පිළිතුර – යහපාලන ආණ්ඩුවේදී අපි සියයට 25 කින් විදුලි බිල අඩුකළා. නාස්තිය දූෂණ නතර කරලා අපිට පුලුවන් ජනතාවට සහන ලබාදෙන්න. අපේ අරමුණ ඒක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img