Sunday, November 1, 2026
HomeNEWS"රුහුණු රස සරණිය 2023" දේශීය ආහාර හා ආහාර තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ල...

“රුහුණු රස සරණිය 2023” දේශීය ආහාර හා ආහාර තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ල නගර ශාලා පරිශ්‍රයේ දී .

රුහුණු රස සරණිය වෙළෙඳ ප්‍රදර්ශනය මෙවර හයවන වරට පැවැත්වෙන අතර අද සහ හෙට යන දෙදින පුරාවට (2023.10.27-28) පෙරවරු 8.30 සිට රාත්‍රී 8.00 දක්වා ගාල්ල නගර ශාල පරිශ්‍රයේදී පැවත්වෙන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ඔබ සැමට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කරනු ලබයි.

දේශීය සාම්ප්‍රදායික ආහාර වර්ග ඇතුළු ප්‍රණීත ආහාර රස බැලීමට හා ආහාර නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව, තාක්ෂණික පුහුණු කිරීමේ ආයතන, විශ්ව විද්‍යාල සේවාවන්, ආහාර සැකසුම් හා ඇසුරුම්කරණ උපකරණ අලෙවි ආයතන, තත්වකරණ හා මූල්‍ය සේවා බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන, දැනුවත් කිරීමේ වැඩසටහන් විවිධ ආහාර නිෂ්පාදන අලෙවි සැල් මෙම ප්‍රදර්ශනය තුළ අන්තර්ගත වේ.

මෙහිදී වස විසෙන් තොර රස ගුණයෙන් සපිරි ආහාර සම්බන්ධයෙන් පාසල් දරුවන් 500ක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ප්‍රවීණ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරිණි.

රුහුණු රස සරණිය ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ වෙළඳ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ වේලාරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන්, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක අයි.ඩී ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසිනි.

මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය ආමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ ගරු සභාපති එස්.වී.පී ආනන්ද මහතා, දක්ෂිණ සංවර්ධන අධිකාරියේ ගරු සභාපති ආරියවංශ සම්මු මහතා, ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති අරුණ ගුණරත්න මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම්තුමිය ප්‍රමුඛ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, ප්‍රදර්ශනය සදහා සහභාගී වූ ව්‍යවසායකයින්, මාධ්‍යවේදී මහත්වරුන්, මහ ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

“රුහුණු රස සරණිය 2023” දේශීය ආහාර හා ආහාර තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ල නගර ශාලා පරිශ්‍රයේ දී අද (27) පෙරවරුවේ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය විලී. ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.රුහුණු රස සරණිය වෙළෙඳ ප්‍රදර්ශනය මෙවර හයවන වරට පැවැත්වෙන අතර අද සහ හෙට යන දෙදින පුරාවට (2023.10.27-28) පෙරවරු 8.30 සිට රාත්‍රී 8.00 දක්වා ගාල්ල නගර ශාල පරිශ්‍රයේදී පැවත්වෙන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ඔබ සැමට සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කරනු ලබයි.දේශීය සාම්ප්‍රදායික ආහාර වර්ග ඇතුළු ප්‍රණීත ආහාර රස බැලීමට හා ආහාර නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව, තාක්ෂණික පුහුණු කිරීමේ ආයතන, විශ්ව විද්‍යාල සේවාවන්, ආහාර සැකසුම් හා ඇසුරුම්කරණ උපකරණ අලෙවි ආයතන, තත්වකරණ හා මූල්‍ය සේවා බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන, දැනුවත් කිරීමේ වැඩසටහන් විවිධ ආහාර නිෂ්පාදන අලෙවි සැල් මෙම ප්‍රදර්ශනය තුළ අන්තර්ගත වේ.මෙහිදී වස විසෙන් තොර රස ගුණයෙන් සපිරි ආහාර සම්බන්ධයෙන් පාසල් දරුවන් 500ක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ප්‍රවීණ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරිණි.රුහුණු රස සරණිය ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ වෙළඳ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ වේලාරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන්, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක අයි.ඩී ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසිනි.මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය ආමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ ගරු සභාපති එස්.වී.පී ආනන්ද මහතා, දක්ෂිණ සංවර්ධන අධිකාරියේ ගරු සභාපති ආරියවංශ සම්මු මහතා, ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති අරුණ ගුණරත්න මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම්තුමිය ප්‍රමුඛ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, ප්‍රදර්ශනය සදහා සහභාගී වූ ව්‍යවසායකයින්, මාධ්‍යවේදී මහත්වරුන්, මහ ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img