Monday, November 2, 2026
HomeNEWSතනි තනි රටවලට උදව් කිරීමට වෙනුවට කලාපීය සංවර්ධනය ඇති කිරීම වැදගත්..- මුදල්...

තනි තනි රටවලට උදව් කිරීමට වෙනුවට කලාපීය සංවර්ධනය ඇති කිරීම වැදගත්..- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ESCAP සමුළුව අමතමින් කියයි.

අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට..• තනි තනි රටවලට උදව් කිරීමට වෙනුවට කලාපීය සංවර්ධනය ඇති කිරීම වැදගත්..- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ESCAP සමුළුව අමතමින් කියයි.. අභියෝග මධ්‍යයේ වුව ද සෙසු රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ප්‍රගතියක් ලබා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටරත් තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කැපවන බවයි. එක්සත් ජාතීන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටු දැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටුවේ හතර වැනි සැසි වාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. ඊයේ (01) ආරම්භ වූ සමුළුව ලබන 03 දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි. එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය. මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහනදායි ණය ලබා ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදු විය. පසුගිය සමයේ ඇති වූ ණය අර්බුදයත් සමග එම තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බවයි හෙතෙම පෙන්වා දුන්නේ. දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව සහනදායී මූල්‍යකරණය යටතේ ආයෝජන අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් ලබා දීම වැදගත් බව සේමසිංහ මහතා පැවසීය. ණය පීඩනයෙන් ස්ථිර ලෙස මිදීමට ණය නොවන ප්‍රතිපාදන ලැබීමේ මාර්ග පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කිය සිටියේ ශ්‍රී ලංකාව ලෝකය සමග ආර්ථක සම්බන්ධතා පුළුල් කරමින් විශාලතම ආර්ථික ප්‍රදේශය වන නැගෙනහිර ලෝකය සමග ආර්ථික හවුල්කාරීත්වයකට සූදානම් වන බවයි. අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. පෞද්ගලික අංශය සඳහා වැඩි ආයෝජන අවස්ථා විවෘත වන විට බහු පාර්ශ්වීය සංවර්ධන බැංකු, හවුල්කරුවන් ඊට සහය දැක් විය යුතුය. එමගින් ආයෝජකයන්ගේ අවදානම අවම කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් සිය යෝජනාව වන්නේ තනි තනිව රටවල් සංවර්ධනය කිරීම සඳහා තරග කිරීම වෙනුවට සෑම කෙනෙකුගේ ම ජීවන තත්ත්වය නංවාලීම සඳහා කලාපීය සංවර්ධනය ඇති කිරීම බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය. මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය. වැඩි විස්තර :- අනුරංග නිසල් 076-2044349

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේදී ලෝක වෙළඳපොලේ තෙල් මිල මීටත් වඩා ඉහළ ගියා- පොහොට්ටුවේ මහ ලේකම්

කිසිදු රාජ්‍ය නායකයෙක් ජනතාවගෙන් බදු නොගත් ආකාරයට වත්මන් රාජ්‍ය නායකයා ජනතාවගෙන් බදු ගනිමින් උදම්අනන තත්වයකට පත්වී සිටින බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි

මෙක්සිකෝ සිටි ග්‍රොන් ප්‍රී තරගයේදී ඉතාලි ජාතික කිමි ඇන්ටනෙලි (20) ෆෝමියුලා වන් තරග ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වෙයි. මෙම ශූරතාවය...

ලාල් විජේනායක මහතාගේ දේහයට ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් අවසන් ගෞරව

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන්...

ඇමෙරිකාවේ – ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි.. 09 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ - ෆ්ලොරීඩාවලදී කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි 09 දෙනාම ජීවිතක්ෂයට: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img