Friday, September 11, 2026
HomeNEWSජල ගැලීම්වලින් විපතට පත් අම්බලන්තොට ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසට නියෝජ්‍ය කථානායක...

ජල ගැලීම්වලින් විපතට පත් අම්බලන්තොට ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් උපදෙස්

ජල ගැලීම්වලින් විපතට පත් අම්බලන්තොට ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් උපදෙස්
වලවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් විපතට පත් අම්බලන්තොට ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකකය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේ උපදෙස් ලබාදුන්නේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලාන ප්‍රදේශයේ ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාව හමුවීමට ගිය අවස්ථාවේදීය.
බෝලාන මහා විද්‍යාලයේ සහ මැලේ කොළණිය මුස්ලිම් පල්ලියේ දැනට අවතැන් පිරිස් තාවකාලිකව සිටින අතර එම පිරිස් හමුවු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඉන්පසුව අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.
දැනට පවුල් 100 කට ආසන්න පිරිසක් මෙම ස්ථාන දෙකේ තාවකාලිකව සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් ලබාදෙයි.
ජල මට්ටම අඩුවු පසුව මෙම පවුල්වලට ඔවුන්ගේ නිවාස වෙත යාහැකි බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා කළමාකරණ ඒකකය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, අම්බලන්තොට පොලිසීය,අගුණුකොළපැලැස්ස පොලිසීය, යුධ හමුදාව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක්ම උපරිම සහයෝගය ලබාදෙන බවත් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එන්.ඩී.පී. රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img