Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බවට ජනපති සහතික වෙයි...

කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බවට ජනපති සහතික වෙයි…

කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බවට ජනපති සහතික වෙයි…

COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ තුළ බොහෝ අවස්ථාවල කලාකරුවන් එසේ සම්බන්ධ කරගැනීම සිදුවිය. එමඟින් සෑම මට්ටමකම කලාකරුවාට සිය නිර්මාණ දායකත්වය දීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ගතවූ කාලයේදී සහ COVID වසංගතය නිසා මඟහැරුණු අවස්ථා යළි ඇතිකිරීමට පසුබිම සකසන බව එතුමා කියා සිටී.

කලාකරුවන් මුහුණු පා සිටින ගැටළු පිළිබඳව අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කෙරිණ.

9 ශ්‍රේණියේදී නතර කෙරෙන සෞන්දර්ය විෂය අධ්‍යයනය අ.පො.ස. (සා.පෙළ) දක්වා දරුවාට ඉගැන්වීමේ අවශ්‍යතාව මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පෙන්වා දුන්නේය. එම යෝජනාව “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්” වෙනුවෙන් වූ කාර්ය සාධක බලකා වෙත ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

දේශීයව හා විදේශීයව නිර්මාණකරුවාට හිමි කර්තෘ භාගය නොලැබීමට වූ හේතු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. විදේශීයව ඇමරිකානු ඩොලර් මිලියන 20කට අධික ප්‍රමාණයක් මේ හේතුවෙන් රටට අහිමි වී තිබේ. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ගීත සඳහා ද කර්තෘ භාගය නොලැබීම පිළිබඳව කලාකරුවෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ. මේ පිළිබඳව රාජ්‍ය මට්ටමෙන් ක්‍රියා කොට නිර්මාණකරුවාගේ අයිතිය රැකගැනීමට සහාය වන බවද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රකාශ කළහ.

කලාකරුවාට සහන පොළී අනුපාතයකට ණය මුදලක් ලබාදීමට රජය ගත් පියවර ප්‍රශංසාවට ලක් වූ අතර රාජ්‍ය බැංකු මඟින් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම කණගාටුදායක බවද පෙන්වා දෙනු ලැබිණ.

 විදේශීය ටෙලිනාට්‍ය සඳහා බදු මුදලක් අය කර එය කලාකරු අධිභාරයකට බැර කිරීමේ වැදගත්කම ද කලාකරුවෝ පෙන්වා දුන්හ.  විදේශීය චිත්‍රපට මෙරට රූගත කිරීමට අවස්ථාව සැලසීමෙන් විදේශ විනිමය උපයා ගැනීම පිණිස ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. ග්‍රාමීය කලාකරුවන් පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමෙන් නියාමනය කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අමාත්‍යංශ ලේකම්වරු සහ නිලධාරීහූ,  චිත්‍රපට අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීහූ, ගායක ගායිකාවෝ, ගීත රචකයෝ ඇතුළු කලා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් කලාකරුවෝ රැසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img