Friday, November 6, 2026
HomeNEWSනිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කළ යුතු යි-විපක්ෂ...

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කළ යුතු යි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

කුහක වෙන්න එපා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කළ යුතු යි.අපේ රටේ අධ්‍යාපනය පරිවර්තනීය යුගයකට එළැඹිය යුතු බවත් 50 දශකයේ සිට සිංහල පමණයි සිංහල පමණයි කියා ගන්නා යාන්ත්‍රණය තුළ රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ප්‍රාකාර කොටුපවුරු බැඳගෙන සීමාමායිම් සකස් කර ගෙන දූපත් මානසිකත්වයෙන් ක්‍රියාත්මක වන ගමන තුළ රටකට සැබෑ සෞභාග්‍යයක් උදාකර ගත නොහැකි බැවින් සිංහල ඇතුළු අනෙකුත් භාෂාවන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයටත් මුල්තැන ලබා දෙන්න කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායකවරයා පවැසීය. සාමාන්‍ය පෙළ විභාගයට පෙර සහ පසු ඉවත් වන සිසුන් වෘත්තීය පුහුණු අධ්‍යාපනය අපේක්ෂා කළත් වර්තමානයේ එහි ගුණාත්මකභාවය අඩුවී ඇති බවත් ඊට අමතරව අහිමි වන උසස් අධ්‍යාපන අවස්ථා ශක්තිමත් කළ යුතු බවත් විශ්වවිද්‍යාල වරම් හිමි නොවන සිසුන්ට පවා උසස් අධ්‍යාපන වරම් ලබා දිය හැකි අවස්ථා ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ද වෙන බහුතරයකගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ආයතනවල අධ්‍යාපනය ලබන බවත් තමාගේ දරුවන්ට ලබා දෙන ඒ විකල්පය රටේ දරුවන්ට ලබා දීමට කැමැති නැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය ප්‍රතිපත්තිය රාජ්‍ය නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කර නූතනවාදී සහ නවීකරණය කරන අතරතුර අධ්‍යාපන අවස්ථා සහ තේරීම් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (5) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.https://youtu.be/hYsPUmsS6Lg?si=OmfRfXcH2PIAPMfd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img