පරාටේ නීතිය තාවකාලිකව හෝ මාස කිහිපයකට අත්හිටුවන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරයිඅද වන විට ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කෝවිඩ්, පාස්කු ප්‍රහාරය සහ බංකොලොත් භාවය නිසා අසරණ තත්ත්වයට පත්ව ඇති මොහොතක පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල අහිමි කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ කෝටි ප්‍රකෝටි ගණන් ණය අර ගෙන ණය නොගෙවා සිටින පිරිසක් සිටින බවත් ඔවුන්ට කිසි බලපෑමක් නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් රජයෙන් විමසූ විට කිසිදු පිළිතුරක් නොලැබුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.බැංකු පද්ධතියේ ස්ථායිකරණයට ශක්තියක් ලබා දිය යුතු වුවත් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිම තාවකාලිකව යම් කිසි කාලයකට අත්හිටුවා පරාටේ නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩිම ණය ගත් සහ පැහැර හැරි පුද්ගලයන්ගේ ලැයිස්තුව වාර අවසන් කිරිමට පෙර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.එසේම ණය පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විශේෂ සැලකිල්ලක් යොමු කිරිම සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.https://youtu.be/f4MEhZ3Nvuw?si=qaNRjo9mCV7XAqGc






















