Friday, October 23, 2026
HomeNEWSLatest Newsමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු...

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ සූදානමක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමේ සූදානමක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට රජය සූදානම් වෙයි . ඊට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි කාර්මික අපනයන,ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය මාසය තුල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇති ගුවන්යානා සංඛ්‍යාව 13කි . රෝමයේ සිට පුද්ගලයින් 155 දෙනෙකු රැගත් ගුවන්යානයක් ඊයේ මත්තලින් දිවයිනට පැමිණි අතර අද හීතෲගුවන්තොටුපලේ සිට 90 ක් මත්තලින් දිවයිනට පැමිණියේය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙලඳ නවික නාවිකයෝ ද මත්තල ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීම සදහා මේ වනවිට සූදානමින් සිටියි. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් එකඟත්වයක් පල කර තිබේ. ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.  

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටුනායක ගුවන්තොටුපලින් පැමිණෙන සියළුදෙනා පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. එම පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු පැය 06 කට ආසන්න කාලයක් ගුවන්තොටුපල ආසන්නයේ රඳවා ගෙන සිටිමට සිදුව ඇත. මේ තත්වය තුල කටුනායක ගුවන්තොටුපලේ දිනකට ගුවන් මෙහෙයුම් කළ හැක්කේ උපරිමයෙන් ගුවන්යානා 3 – 4 ක් පමණි. මේ නිසා මත්තල ගුවන්තොටුපල ද භාවිතා කරමින් විදෙස් ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමට පියවරගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මත්තලට ගමන් කිරීම දිරිමත් කිරීම සඳහා රජය ඔවුන්ට සහන රැසක් ද ලබා දී ඇති බවයි.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කලේ 2013 මාර්තු මස 18 වෙනිදයි. එය ඉදිරි කිරීමට වැය කල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 209 කි. පසුගිය යහපාලන රජය විසින් මෙම ගුවන්තොටුපලේ ගුවන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කල අතර එහි වී ගබඩා කිරීමට කටයුතු කලේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි . ඉදිරි නව රජය යටතේ මත්තල ගුවන්තොටුපල තුල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය ඉදිරි පියවරා ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img