Wednesday, June 10, 2026
HomeNEWSවරින් වර රට අරාජික කළ ජවිපෙ යළිත් රට අරාජික කිරීමට උත්සාහ ගන්නා...

වරින් වර රට අරාජික කළ ජවිපෙ යළිත් රට අරාජික කිරීමට උත්සාහ ගන්නා බව වජිර අබේවර්ධන කියයි.

ඒක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද (17) දින පොළොන්නරු බුද්ධි මණ්ඩපයේ දී පැවැති ඒක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතා සිදුකළ කතාවපෞද්ගලික අංශය, රාජ්‍ය අංශය, දැනුවත් කර, වැඩ වර්ජන නැවැත්විය යුතුයි.විශේෂයෙන් පොළොන්නරුවේ ගොවිජනතාවත්, පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවත් විශාල වශයෙන් තම දහඩිය මහන්සියෙන් උපයන මුදල් වලින් තමයි රාජ්‍ය අංශයේ සියළු දෙනාගේ වැටුප් ගෙවන්නේ. ඒ අය හම්බකරලා බදු ගෙවලා, ඒ බදු වලින් තමයි රාජ්‍ය යන්ත්‍රණය ජීවත් වෙන්නෙ. ඒ නිසා රාජ්‍ය යන්ත්‍රණයෙත් යුතුමක්, වගකීමක් තිබෙනවා මේ දහඩිය මහන්සියෙන් වැඩ කරන ගොවි පරපුරෙත් වැඩකරන පෞද්ගලික අංශයේ ජනතාවගෙත් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න සහ ඒ අයගේ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කරන්න. බංකොලොත් වූ රටක වැඩ වර්ජන කරලා ලෝකෙට ඒවා ප්‍රදර්ශනය වුණාම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අඩු වෙනවා. දැන් මේ ප්‍රදේශයෙත් සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් ව්‍යාප්ත වී තියෙනවා. හෝටල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ හෝටල් අද විදේශිකයන්ගෙන් පිරිලා. දැන් වැඩවර්ජන කළාම මේ විදේශිකයන් පැමිණීම අඩුවෙනවා. ඒ අඩු වුණාම බංකොලොත් වෙලා තිබුණු රට ආයෙමත් තෙල් පෝලිං, ගෑස් පෝලිං, භූමිතෙල් පෝලිං හැදෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා.ඒ නිසා තමයි දිගින් දිගටම අපි කියන්නෙ මේ වැරදි වැඩේ කරන්න එපා කියලා. මේ බංකොලොත් වූ රට බොහොම අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනස් කරමින් තිබෙනවා. නිදහසින් පසුව අවුරුදු 76 ක් ම අපි විවිධ දේශපාලන සටන් පාඨ කියලා බොරු පොරොන්දු දීලා තිබෙනවා. මේකෙන් කාටවත් මිදෙන්න බැහැ. මේකෙ ජනතා විමුක්ති පෙරමුණත් කොටස් කාරයෝ. ජනතා විමුක්ති පෙරමුණත් ඉතිහාසය පුරා ආණ්ඩු පිහිටුවන්න, ආණ්ඩු පෙරළන්න උදව් කරපු කණ්ඩායම්. බණ්ඩාරනායක මැතිණිව 1970 දී රෝහණ විජේවීර එදා මැතිණිට උදව් කළා. මැතිණිට උදව් කරලා මැතිණි පත් වුණාට පසුව 71 කැරැල්ල ක්‍රියාත්මක කළා. ඒකෙන් විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් මේ රටේ විනාශ වුණා. ත්‍රිවිධ හමුදාවේ විශාල ප්‍රමාණයක් ජීවතක්ෂයට පත්වුණා. රටේ මධ්‍යම පන්තිය නැති වුණා. අවසානයේ කොහොමහරි 76 වෙනකොට ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා එක්ක ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් ඇති කරගත්තා, එතුමා ජයග්‍රහණය කළොත් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ (CJC) තීරණ වෙනස් කරලා ඒ අයට ඔක්කොටම නිදහස ලබා දෙනවා කියලා. ඒ නිසා යාපනයේ සිර ගෙදර සිරගත වෙලා හිටපු රෝහණ විජේවීර, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඒ පොරොන්දුව අනුව 77 ජයග්‍රහණයෙන් පසුව නිදහස් කළා. ඒ නිදහස් කළාට පසුව ආයෙමත් 83,84 වෙනකොට රටේ කැරලි තත්ත්වයක් ඇති කරපු නිසා නැවත ඔහු සැඟවෙන තැනට පත්වුණාම, සැඟවිලා රටේ භීෂණය මතු කළාම, නැවතත් රට තුළ අරාජික තත්ත්වයක් ඇති වුණා.දැන් මේ රට වරින්වර අරාජික කරමින් දිගින් දිගටම මේ රට පුරා කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. 87,88 වෙනකොට දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට ගේන්නත් ඇතැම් අය කියනවා යම්කිසි කාරණා ජනතා විමුක්ති පෙරමුණ අවබෝධයෙන් ඉටු කළා කියලා. ඒ ගැන මට හරියට කියන්න බැහැ. ඒක සමාජ මතයක් පමණයි. කෙසේ හෝ අවසානයේ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණා. ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා ටික කාලයක් යනකොට ජීවිතක්ෂයට පත්වුණාම නැවත විජේතුංග මැතිතුමා බලය ලබා ගත්තම තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරය නිදහස් කළා. නැවත ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදයට එන්න පාර හදලා දුන්නා.1994 දී චන්ද්‍රිකා කුමාරතුංඟ මැතිණිය සමග ජනතා විමුක්ති පෙරමුණ වැඩ කළා. එහි ප්‍රතිඵලයක් හැටියට පළවෙනි නියෝජිතයා හම්බන්තොටින් බුලේගොඩ මහත්මයා පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු අස්වුණු නිසා නිහාල් ගලප්පත්ති මහත්මයා පසුව පාර්ලිමේන්තුවට පැමිණියා. කෙසේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග දෙවන වර ජනාධිපතිවරණයෙදිත් නන්දන ගුණතිලක මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා, පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙලා ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා චන්ද්‍රිකා මැතිණියට ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා.එතැනින් නැවතුණේ නෑ, මේ ව්‍යාපාරය තව ඉදිරියට ගියා. චන්ද්‍රිකා මැතිණියගෙන් පසුව මහින්ද රාජපක්ෂ දිනවන්න ගෙන් ගෙට ගිහිල්ලා කිව්වා මේ රටේ ඉන්න කෘතහස්තම දේශපාන නායකයා මහින්ද රාජපක්ෂ කියලා. ඒ නිසා මහින්දට ඡන්දය දෙන්න කියලා. එතැනින් නැවතිලත් නෑ, පසු කාලීනව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනවන්න වැඩ කළා. ෆොන්සේකා මහත්තයා දිනවගන්න වැඩ කළා. එතකොට මේ සෑම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලන ක්‍රියාවලියේ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තම මහජන නියෝජිතයන් 38 දෙනෙක් පත් වුණා. ඔවුනට ලැබුණු ජාතික ලැයිස්තුවේ තනතුරු දෙකත් මහින්ද රාජපක්ෂ මහත්තයට පූජා කරලා පොහොට්ටුවෙන් මහජන නියෝජිතයන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන්වන්න තරම් සහයෝගයෙන් මහින්ද මහත්තයා සමග ඔවුන් ක්‍රියා කළා.ඒ් ආකාරයට තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ක්‍රියා කරලා තියෙන්නෙ. එතකොට මෙවැනි ඉතිහාසයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් මේ රටේ සියලු දේශපාලන පක්ෂ මේ රට බංකොලොත් භාවයට පත් කළාට ජනතා විමුක්ති පෙරමුණ අංක 01 ට වගකිව යුතු බව මතක තබා ගත යුතුයි.ඒ නිසා තමයි දිගින් දිගටම අපි කියන්නේ, දැන් මේ සෙල්ලම නවත්වලා මේ රටට ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදාගෙන, ඒ ජාතික ප්‍රතිපත්තිවලට සියළු දෙනා සහ සියළු දේශපාලන පක්ෂ එකඟ වෙලා ඉදිරියට යමුයි කියලා. අපිට ජනතා විමුක්ති පෙරමුණත් ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඕන, පොහොට්ටුවත් ඕන, සියළු දේශපාලන පක්ෂ ඕන. අපි ඒ අය සමග වැඩ කරනකොට ඒ අයට හොරයි කියලා වැඩක් නෑ. හොරකම් ඉතිහාසය බැලුවොත් මේ පළාතේ පළවෙනි බැංකු මංකොල්ලය කැබිතිගොල්ලෑවේ සිද්ධ වෙන්න‍ෙ 1971 ජනතා විමුක්ති පෙරමුණෙන්. ඉන් පසුව බැංකු මංකොල්ලය සිද්ධ වෙන්නෙ ඇල්පිටියේ. ඉතින් බැංකු මංකොල්ල ඉතිහාසයක් ගැන ලංකා ඉතිහාසයේ දේශපාලන භූමිකාවේ සඳහන් වෙනවා. ඒ නිසා අපි මේවා මතක් කර කර ක්‍රියාකරන්න යන්නේ නැතුව අපිට තිබෙන්නේ එකමුතු කමෙන් ජයගන්න. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම කියනවා අපි එකමුතු වෙලා මේ රට ගොඩ නගමු කියලා. අපේ පළවෙනි ව්‍යායාමය වෙන්න ඕන රටේ මහජනතාවම මිසක් දේශපාලන පක්ෂවල එක එක පුද්ගලයන්ගේ සිහින නොවේ. මට අගමැති වෙන්න, ජනාධිපති වෙන්න සිහින මවාගන්න එක නොවේ කළ යුත්තේ. ඉතින් ඒ නිසා බංකොළොත් වූ රට ගොඩ ගනිමින් සිටිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් නැවතත් වැඩ වර්ජන, යම් යම් කුමන්ත්‍රණ, යම් යම් දේශපාලන පක්ෂ විසින් මේ රට බිම ඇදලා දාන්න කටයුතු කළොත් අන්න ඒ කණ්ඩායම අනිවාර්යෙන්ම මේ රටේ මහජනතාවට වගකිව යුතුයි කියලා මතක් කරන්න කැමතියි.මෙහිදී අදහස් දැක්වූ ඒක්සත් ජාතික පක්ෂ උප කායක අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,විශාල අරගලයකින් පස්සේ මේ රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගත් අවස්ථාවේදී ඒතුමා උදාහරණයකට හුණුවටයේ කතාව අරගෙන මේ රටේ ආර්ථිකය ගෘෂා අත යන දරුවට සමාන කළා. ඒම කතාවට ඇතැම් දේශපාලනඥයින් ඒතුමාව විවේචනය කළා.නමුත් ඒතුමා රට බාරගන්න අවස්ථාවේදී වෙනත් කිසිම කෙනෙක් මේ රට බාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. හැමෝම බයේ හැංගුනා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස්ස ගැහුවේ නැහැ. ඒතුමා බය නැතිව මේ අභියෝගය බාර ගත්තා. ඒතුමා අවුරුද්දක් යන්නට මත්තෙන් රටේ තිබුණු දැවුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා. දැන් ගිනිදැල් අවසානයි. ඒතුමා නිසි මාර්ගයේ රට ගෙන යනවා.මේ පැත්තේ සිටින ගොවි මහත්තුරුන්ට විශාල ප්‍රශ්නයක් වුණු පොහොර ප්‍රශ්නයට ඒතුමා විසදුම් ලබාදුන්නා. දැන් නැවත අපේ ගොවි මහත්වරු තමන්ගේ වැඩ කොටස ඉටු කරනවා. මේකම අපි ලබපු විශාල ජයග්‍රහණයක් කියලා මම කියන්න කැමතියි. රට තුළ තව ප්‍රශ්න තිබෙනවා. ඒ්වත් ක්‍රම ක්‍රමයෙන් අපි විසදාගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියත වශයෙන්ම මේ ගැටලු විසඳන බව මා ඔබට ප්‍රකාශ කරන්න කැමතියි.මෙහිදී අදහස් දැක්වූ ඒක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා,අද ජනතා විමුක්ත් පෙරමුණු අලුත් කතා අපේ රටේ මහජනතාවට කියනවා. නමුත් අපේ රටේ මහජනතාවට අතීතය අමතක වෙලා නැහැ. බලයක් නොමැති කාලේ ඔවුන් කළ මිනිමරුම් අපේ රටේ ජනතාවට මතකයි. බලයක් නැතිව ඔවුන් ඒසේ හැසිරුනා නම් බලයත් ලැබුණම ඔවුන් කොහොම හැසිරෙයිද කියලා ඔබ සිතා බැලිය යුතුයි.අද කියවාරු ගහන අය ඒදා රට වැටුණු වෙලාවේ ඉදිරියට ආවේ නැහැ. සියලුදෙනාම හැංගුණා. දැන් ඒළියට ඇවිත් වීරයෝ වගේ කෑගහන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ආගාධයෙන් ගොඩ ගත්ත නිසයි. සුන්දර කතා කියන්න පුලුවන්. ඒ්ත වගකීම් බාරගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.මේ සුරංලනා කතාවලට ඔබව තවදුරටත් රැවටිය නොහැකියි. යථාර්තය තේරුම් අරගෙන ඉදරියට යා යුතුයි. ඒ් සඳහා අපි සියලුදෙනාම පොසු ඒකඟතාවයකට පැමිණිය යුතුයි. ඒසේ අපි සියලුදෙනාම ඒකතු වී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබාදුන්නොත් මේ රට දියුණු රටක් බවට පත් කළ හැකියි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක අශූබෝධ මාරසිංහ මැතිතුමා,2022 දී මේ රටේ තිබුණේ සෘණ ආර්ථිකයක්. නමුත් දැන් තියෙන්නේ ධන ආර්ථිකයක්. ඒය ඒසේ පරිවර්තනය කිරීමට හැකිවුණෞ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ගේ ආර්ථික වැඩපිළීවෙල නිසයි. ඒ් ගැන අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි. ඇතැම් අය මේ දේවල් විවේචනය කරනවා. රටේ තව පශ්න තිබෙනවා. නමුත් ඒම ප්‍රශ්නත් ඉක්මනින්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසඳන බවට මට සහතිකයි. සමහර දේශපාලන පක්ෂවල නායකයින් කියනවා අපිටත් බලය දීලා බලන්නලු. බලය නොමැති කාලයේ මේ අය රට වෙනුවෙන් කල දේවල් සිහිපත් කරගන්න කියලා මම ඔබට මේ අවස්ථාවේදී කියනවා. ලංකාවේ සිටි උගතුන් වියතුන් සියලු දෙනාව මේ අය ඝාතනය කළා. රටේ මධ්‍යම පාන්තිය විනාශ කළා. රටේ ආර්ථිකය කඩා වැට්ටුවා. මෙහෙම පිරිසක් තමයි අද බලය ඉල්ලන්නේ. මේ දේවල් ඔබට අමතක වෙලා නැතිව ඇතැය මම හතනවා. ඒ් නිසා ඔබ කල්පනාවෙන් වැඩ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.වජිර අබේවර්ධන (පාර්ලිමේන්තු මන්ත්‍රී), එක්සත් ජාතික පක්ෂ සභාපති,ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ඒකකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img