Friday, September 11, 2026
HomeNEWSරනිල් හා අනුර අතර රහස් ගනුදෙනුවක් පවතින බව සජිත් මාවතගම දී කියයි.

රනිල් හා අනුර අතර රහස් ගනුදෙනුවක් පවතින බව සජිත් මාවතගම දී කියයි.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අද (09) මානතගම දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ‘‘අපේ රටේ පෝසතුන් කිහිපදෙනෙකු හැරුණු කොට රටේ බහුතරයක් ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා , ජනජිවිත විනාශ වෙලා , ආර්ථිකය කුඩා වෙලා , දුප්පත්කම වර්ධනය වෙලා , විරැකියාව වර්ධනය වෙලා , අසීමිත වේදනාකට රටේ ජනතාව පත් වෙලා සිටිනවා. නියත වශයෙන්ම අපි ලබන පොදුජන වරම තුළ අපි ඔබව රැක ගන්නවා. වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නවා. ඔබට ශක්තිමත් කරනවා. ජනතා කේන්ද්‍රීය රජයක් තුළ අපි ජනතාවට යුතුකම් ඉටු කරනවා. අද ප්‍රතිවාදීන් දෙපළක් සිටිනවා. ඔවුන් රටට පෙන්වනවා පක්ෂ දෙකක කියලා. නමුත් ඔවුන් අනියම් ආකාරයෙන් එකට කටයුතු කරනවා. අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගනුදෙනුවක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් උත්සහ කරනවා සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න. සජිත් ප්‍රේමදාසට රටේ වගකීම ලැබුණොත් රටේ තිබෙන ප්‍රශ්න ක්‍රමක් ක්‍රමයෙන් විසදෙනවා. සජිත් ප්‍රේමදාසට රටේ වගකීම ලැබුණොත් ජනතාවගේ දුක කදුල වේදනාව මත ජයග්‍රහනය ලබපු කණ්ඩායම්වලට දේශපාලනය කිරීමට තිබෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානයක අතර තිබුණ රහස් ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කටින් එළියට ආවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරදිනවා අනුර දිසානායක දිනනවා කියලා. අනුර දිසානායක උතුරේ ජනතාව කියනවා දකුණේ ජනතාව මාව දිනවනවා ඒ නිසා උතුරේ ජනතාව අනිවාර්යෙන්ම ඔහුට ඡන්දය දෙන්න කියලා. මුලු රටම අද එකතු වෙලා සිටින්නේ පොඩි මිනිසා රකින යුගයක් බිහි කරන්න. ඒ යුගය බිහි කරන්න අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ වගේම රටේ ග්‍රාමිය ජනතාවට , නාගරික ජනතාවට නිවාස හදන ගම්උදා ක්‍රමය අපි ඇතිකරනවා. ඒ වගේම ජනතාවට නිවසක ඉඩමක අයිතිය අපි අනිවාර්යෙන් ලබාදෙනවා. එවිට ජනතාවගේ ප්‍රශ්න ක්‍රමයෙන් අවම වෙනවා. ඒ වගේම මාවතගම තිබෙන කර්මාන්ත වැඩි දියුණු කරලා තවත් විදේශීය ආයෝජන හරහා කර්මාන්තශාලා ස්ථාපනය කරන්න අපි කටයුතු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන සියල්ලටම නිෂ්පාදන කර්මාන්තශාලා 14 ක් ඇති කරන්න කටයුතු කරනවා. දෙවැනි වටයට කුරුණෑගල තිබෙන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 30 ට නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරලා විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අනුව ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර මිටිය රුපියල් 5000 කට ලබාදීමට කටයුතු කරනවා. වගා ණය කපා හරින්න කටයුතු කරනවා. ඇතැම් පිරිස් අහනවා මේ කරන්න පුලුවන් දේවල් කියලා. කිසිම ඇපයක් නැතිව රාජ්‍ය බැංකු වලින් කෝටි ගණන් මුදල් ගත්ත කෝටිපතියන්ගේ පොලිය ණය කපා හරින්න ආණ්ඩුවට පුලුවන් නම් ඇයි අහිසංක ගොවීන්ගේ ගොවි ණය කපා හරින්න බැරි. අපි ඒ දෙය කරලා පෙන්වනවා. ඒ නිසා මේ වනවිට දුප්පත්භාවය තුරන් කිරීමේ තිරසර වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනසවියේ , සමෘද්ධියේ , අස්වසුමේ හොද ගුණාංග එකතු කරලා අඩු පාඩු ඉවත් කරලා දුගී දුප්පත්භාවය තුරන් කිරිමේ නව වැඩසටහනක් දියත් කරනවා. කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය , ආයෝජනය , ඉතිරි කිරීම , නිෂ්පාදනය , අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරිමේ වැඩසටහනක් දියත් කරනවා. ඒ් අනුව සෑම දුප්පත් පවුලකට මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යොවුන් පරපුර වෙනුවෙන් යොවුන් සංවර්ධන මධ්‍යස්ථාන බිහි කරලා තරුණ පරපුරේ නිපුණතාවය , කුසලතාවට ඉහළ මට්ටමකට ගෙන ඒමට අපි කටයුතු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය පළමු ශ්‍රේණියේ සිට උගන්වන්න කටයුතු සම්පාදනය කරනවා. මේ දේවල් අපි කරන්නේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ සැබැ අරුණලු උදා කරන්නයි. ඒ වගේම , පුංචි මනුස්සයාගේ දුක හදුනන , ජනතාව මුහුණ දෙන ගැටලු වලට උත්තර සපයන , අලුත් ගමනකට ඔබගේ සහාය ලබාදෙන්න. සැප්තැම්බර් 21 වැනිදා ඔබ ලබාදෙන ජනවරම තුළ මේ රටේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය බිහි කොට සියලුම දෙනාටම ශක්තිය ලබාදෙන යුගය බිහි කරන්න සියලුම දෙනා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයට සහාය ලබාදෙන්න.‘‘ නලීන් බණ්ඩාර මහතා, ‘‘රටේ සමස්ත ජනතාවම අදුනගෙන තිබෙනවා දිනන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස තමයි කියලා අද හදුනගෙන ඉවරයි. මේ නිසා එක කට්ටියක් හොදටම කලබල වෙලා. දකුණු ආසියාවේ දැවැන්තම රබර් කර්මාන්ත ශාලාවක් තිබුණා මුවන් කන්ද කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලාව ගිණි තිබ්බේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ. එදා මේ රටේ ආර්ථිකයට දැවැන්ත මරු පහරක් එල්ල කරපු දේශපාලන ව්‍යාපාරයක්. මේ ප්‍රදේශ වල විශාල පිරිසක් ඝාතණය කරා. ආරක්ෂක අංශ වල සාමාජිකයන් ඝාතණය කළා. මේ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා ඝාතණය කළා. මොන වරදක් කළාටද භික්ෂූන් වහන්සේලා ඝාතණය කරන්නේ. රජයේ සේවය කරාටද? නැහැ භික්ෂූන් වහන්සේලා ඝාතණය කළේ ඒගොල්ලෝ නිරාගමික දේශපාලන ව්‍යාපාරයක්. ඒ ගොල්ලන්ට ආගමක් නෑ. ඔය මාතර පැත්තේ ජේ.වී.පි. ප්‍රබල සාමාජිකයෙක් පසුගිය දවසක කියලා තිබුණා බුදුන් වහන්සේ කොස් ගහකට හරි පොල් ගහකට හරි පිටදී හිටියා නම් අපිට කොස්, පොල් කන්න වෙන්නේ නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ රණවිරු බළකායේ ඉන්දික කරුණාරත්න කියනවා 22 වැනිදට ටෙලිෆෝන් කාරයොයි, පොහොට්ටු කාරයින්ටයි, අලින්ටයි ගහනවා කියලා. හිටපු හමුදාපතිවරුන්ටයි, රණවිරුවන්ටයි, ජෙන්රල්වැරන්ටයි ගහලා දානවා කියනවා. සාමාන්‍යෙයන් හමුදාවෙන් ගහලා දානවා කියන්නේ මරලා දානවා කියන එකයි. අපි කියනවා ශ්‍රී ලංකා පොලිසියට වහාම ඒ තර්ජනය කරපු නිලධාරියව අත්අඩංගුවට ගන්න කියලා. අද ජනතා විමුක්ත පෙරමුණේ විශාල පිරිසක් ආායුධ පුහුණුව ලබනවා නැවත මේ රට නැවත ලේවිලක් බවට පත් කරන්න.‘‘ දයාසිරි ජයසේකර මහතා, ‘‘රනිල් වික්‍රමසිංහ මහත්තයගේ රැස්වීම් 30 ක් ගිය සතියේ නතර කෙරුවා. ඇමැතිවරු ඉන්නවා මිනිස්සු නැහැ. මෙතන මොකද වෙලා තියෙන්නේ. මෙතන අපිත් ඉන්නවා මිනිස්සුත් ඉන්නවා දස දහස් ගණනින් සජිත් මහත්තයව ජයග්‍රහණය කරන්න. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක්ද කරන්නේ මලික් සමරවික්‍රම හරහා අනුර කුමාර සහෝදරයව කන්ට්‍රෝල් කරලා අනුර දිනවන්න තමයි අද රනිල්ට වුවමනා කරලා තියෙන්නේ. මේක තමයි වෛරය කියන්නේ. එතුමා 1994 ඉදලා අවුරුදු 30 ක් එක්සත් ජාතික පක්ෂයේ නායක කමේ ඉදලා නායකයෙක් හැදුවේ නැහැ. 1989 න් පස්සේ රණසිංහ ප්‍රෙමදාස ජනාධිපති තුමාගෙන් පස්සේ මේ රටේ ඊළඟට ඡන්දයකින් බිහිවෙන නායකයා තමයි සජිත් ප්‍රේමදාස තමයි කියලා මම කියන්න කැමැතියි. මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ මේ 21 වැනිදට රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා තමන් පරාජිත නායකයෙකුට ඡන්දය දුන්නා කියලා පසු තැවෙන්න එපා. මේ දිනවල අනුර කුමාර සහෝදරයට උණ හැදිලාලු. ඉන්දියාවෙන් කට්ටඩි වගයක් ඇවිත් ඉන්නවා තරග කරන අපේක්ෂකයෙකුට. දවස් දෙකක් යාගයක් කරලා තියෙනවා එයාගේ ගෙදර. දවස් දෙකම කරලා පොල් ගෙඩියක් ගහලා කිව්වලු වැඩේ හරියන්නෑ පරදිනවා කියලා. ලබන 22 වැනිදා අනුර පරාදයි. මේ උතුම් රටේ සංඝයා වහන්සේලා ඝාතණය කරපු මිනිස්සුන්ගේ බෙලි කපලා වැටේ ඉනේ හිටවපු, ළමයා අතේ තියන් හිටපු අම්මව කියලා තාත්තව අරන් ගිහින් මරපු මිනිස්සුන්ට මේ රටේ බස් ගිණි තියපු, කෝච්චි ගිනි තියපු මිනිස්සුන්ට මේ රටේ බුද්ධාගම තිබෙනතුරු මේ මිනීමරුවන්ට මේ රට දෙන්නේ නෑ කියන එකයි අපිිිට තමුන්නාන්සේලාට කියන්න තියෙන්නේ. ලබන 22 බිහි වෙන්නේ සිංහල බෞද්ධ නායකයෙක් වගේම අනෙක් ආගම් වලට ගරු කරන ඒ අයගේ අයිතිය ආරක්ෂා කරන රටේ බෞද්ධ දර්ශණය රකින පන්සිල් පද පහ රකින නායකයෙක් බිහි වෙන්නේ කියලා මතක තියා ගන්න. ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා බව.‘‘ ජේ. සී. අලවතුවල මහතා, ‘‘කුරැණෑගල වයඹ යන පැත්තට තමයි රට යන්නේ. 2015 දී අපි මැතිවරණය ජයග්‍රහණය කළා. මෙවර කුරුණෑගල ආසන 14 ම සජිත් ප්‍රේමමදාස මැතිතුමාව ඉහළින්ම දිනවන කොට මේ මාවතගම වැඩි ඡන්ද 25,000 කින් දුරකතනය දිනවනවා කියන එක අපි කියන්න කැමැතියි. එදා ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා මාවතගමට විශාල ශක්තියක් දුන්නා. 21 වැනිදට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේම ජනාධිපති ලෙස පත් වෙන කොට අපි දැවැන්ත හයියක් මාවතගමටත් කුරැණෑගලටත් වයඹටත් රගෙන එනවා කියලා මා ආදරයෙන් කියනවා.‘‘ හර්ෂ ද සිල්වා මහතා, ‘‘රටේ ආර්ථිකය විනාශ නොකර , ජනතාව දරිද්‍රතාවයට ඇදලා දාන්නේ නැතිව , රට බංකොලොත් වෙන්න කලින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න කියලා අපි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට කිව්වා. නමුත් ඔවුන් අපි කියපු දේ පිළිගත්තේ නෑ. අවසානයේ රට බංකොලොත්භාවයට පත්වුණා. ලක්ෂ 30 කට සීමා වී තිබුණ දුප්පත්භාවය ලක්ෂ 70 ක් දක්වා ඉහළ ගියා. රටට තිබුණ ගෞරවය නැති වුණා. රටේ ජනතාවට ඉන්ධන , ගෑස් , විදුලිය නැතිව දැඩි පීඩනයකට ලක්වුණා. අපිත් සමඟ ඡන්දයට තරග කරන ජාතික ජන බලවේගය කියනවා ජාත්‍යන්තරය සමඟ සිදුකරගෙන යන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අලුතින් පටන් ගෙන ලංකාවට වාසිදායක වන ආකාරයට අලුතින් පටන් ගන්නවා කියලා කියනවා. ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ගිය සතියේ ලංකාවට ආවා. ඇවිත් බොහෝ දෙනෙක් සමඟ සාකච්ඡා කරලා තිබෙනවා. ජාතික ජන බලවේගයෙ ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ට ප්‍රකාශ කරලා තිබෙනවා ඔවුන් ණය ප්‍රතිව්‍යුගතකරණය කරන විට පුද්ගලයන්ට වෙන වෙනම ක්‍රමවලට සලකන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් සියලු දෙනාටම සාධාරණ ලෙස සැලකිය යුතුයි කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ණය ලබාදුන්න කණ්ඩායම් අතර එකඟතාවයක් තිබෙනවා. ණය ප්‍රතිව්‍යුගතකරණයේදී ණය කපා හැරීමේ ප්‍රතිශතය සියලු දෙනාටම සමාන විය යුතුයි. ණය ප්‍රතිව්‍යුගතකරණයේ මුලික දේවත් නොදැන තමයි ජාතික ජන බලවේගය ණය ප්‍රතිව්‍යුගතකරණය පිලිබඳව කතා කරන්නේ. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොල සමඟ කිසිදු සම්බන්ධයක් නැති කණ්ඩායමක් බලයට පැමිණියොත් 2022 රට වැටුණට වඩා දරුණු අගාධයකට රට වැටෙනවා. විවිධ පුද්ගලයන් විවිධ කතා කිව්වත් ඒ පිළිබඳව බුද්ධිමත්ව කල්පනා කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අනුර දිසානායක කියනවා පුද්ගලික් අංශයට ඔහු උදව් කරන්න සුදානම් කියලා. පුද්ගලික අංශයේ සේවකයන්ගේ පඩි මාස 6 න් 6ට වැඩි කරන්නත් කර්මාන්ත හිමිකරුවන් සුදානම් විය යුතු බවත් අනුර දිසානායක කියනවා. ඒ වගේම ලාල්කාන්ත කියනවා කර්මාන්ත හිමිකරුවන්ට සේවකයන්ව කොල්ලකන්න අවස්ථාව ලබාදෙන්නේ නෑ කියලා. ජාතික ජන බලවේගය මේ වෛරයි පතුරවන්නේ. අපි සේවකයන්ට සහ ආයෝජකයන්ට ගෞරවයක් ලබාදෙනවා. රජය ආයෝජකයා සහ සේවකයා සැමට ජයග්‍රහනය ලබාදෙන ආකාරයට , තර්ජනය කරන්නේ නැතිව කර්මාන්තශාලා ඉදිරියට අරගෙන යන්න අපේ සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමවේදය හරහා ක්‍රියාත්මක කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය ගොස් නඩුවක් ගොනු කළා. ඒ නඩුව ගොනු කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට විරුද්ධව. විදේශ ආයෝජකයෝ එනවානම් ඔවුන්ට කර්මාන්තශාලා ඉදිකරන්න දිරි ගැන්වීමක් දෙන්න බෑ කියලා තමයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරලා තිබෙන්නේ. ඒ කටයුත්ත පසුගාමි දෙයක්. එවැනි දිරි ගැන්වීමක් දෙනවානම් එය ව්‍යවස්ථාවට පටහැනියි කියලා ඔවුන් කියනවා. ඒ නිසා එවැනි දෙයක් කරන්න ඔවුන් ඉඩ දෙන්නේ නෑ කියලා කියනවා. අපේ රටේ කර්මාන්තශාලා බිහි කරන්න , ව්‍යවසායකයින් බිහි කරන්න අපිට විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා. ලෝකයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කෙසේද කියලා කිසිවක් දන්නේ නැති පුද්ගලයන් පිරිසක් තමයි ජාතික ජනබලවේගයේ ඉන්නේ. ‘‘ මිහින්තලයේ රාජමාහාවිහාරාධිපති ආචාර්ය පුජ්‍ය වලවාංහැංගුණවැවේ නා හිමිපාණන් වහන්නේ. ‘‘සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාධිපති වුණ වහාම රටේ බිම් අගලක අයිතිය නැති ජනතාවට බිම් අගලක අයිතිය ලබාදෙන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස දේශපාලනය ආරම්භ කරපු දවසේ සිටිම ජනතාව වෙනුවෙන් සේවය කළා. විපක්ෂ නායක වුණාට පස්සේ රටේ ජනතාව වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සේවාව සිදුකළා. සජිත් ප්‍රේමදාස අද රටේ ජනතාව අතර ජනගත වෙලා අවසානයි. සජිත් ප්‍රේමදාස කියන දේ අහන නායකයෙක් නිසා තමයි මේ වේදිකාවට මම එකතු වුණේ. රටට වැඩ කරන පුද්ගයෙක් අපිට සවන් දෙනවානම් ඒ මනුස්සයා ගමන් කරන මාවත නිවැරදියි. ඒ නිසා සජිත් ප්‍රේමදාසව රටේ ජනාධිපති කරන්න රටේ සමස්ත ජනතාව කටයුතු කළ යුතුයි. ඒ වගේම දළදා මාලිගාව කියන්නේ රාජ්‍යත්වයේ සංකේතය.ඒ නිසා දළදා මාලිගාවට ගහපු නායකයන්ට රටේ පාලනය භාර දෙන්න රටේ ජනතාව කටයුතු නොකළ යුතුයි. ඒ වගේම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට 94 සිට අද වනතුරු මැතිවරණයක් ජය ගන්න බැරිවුණා. ආණ්ඩුවක් ගත්තත් ටික දවසයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගොදුර දෙන්න පටන් ගත්තා. මුලින්ම සරත් ෆොන්සේකව ගොදුරට දුන්නා. ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ගොදුරට දුන්නා. 2019 දී සජිත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපතිධූරයට ඉල්ලන්න රනිල් වික්‍රමසිංහ අවස්ථාව දුන්නා. එහෙම දුන්නට ගෝඨාභයගේ ජයග්‍රහනයට තමයි රනිල් වික්‍රමසිංහ සහාය දුන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද කඩන්න රනිල් වික්‍රමසිංහ 2019 කටයුතු කළා. නමුත් අවසානයේ රටේ අවසනාවට රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණා. කෙසේ නමුත් අපිට අද හොද නායකයෙක් සිටිනවා , ඒ නායකයාට හොද කණ්ඩායමක් සිටිනවා , ඔවුන්ට රට ගොඩගන්න පුලුවන් හොද වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ සඳහා සියලුම දෙනා සජිත් ප්‍රේමදාස මහත්තයා වටා එකතු විය යුතුයි.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img