හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූ සන්ධානයේ පාර්ශවකරුවන් සමඟ කොළඹ මල් පාර කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ✓ රවී කරුණානයක මැතිතුමා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කරන ලදි ✓ එම සාකච්ජාවේදී මේ සඳහා ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කිරීම. ✓ මේ සඳහා ස්වාධින කමිටුව වශයෙන්o නීතිඥ කුමාර් දුනුසිංහ මහතාo නීතිඥ ඉන්දික වේරගොඩ මහතාo ආචාර්ය විතානගේ මහතාo කමිටු ලේකම් නීතිඥ යසස් ද සිල්වා මහතා පත්කිරීමට තීරණය විය. ✓ මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුලත් දී එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත භාර දීමට තීරණය විය. ✓ මෙම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කලේය.






















