Monday, November 9, 2026
HomeNEWSඅතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට.

අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වෙයි – පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරයි • ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4 • අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වීමට 2024.11.25 වැනිදා කථානායක ගරු ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අනුව ලබන දෙසැම්බර් 3 වැනි අඟහරුවාදා ගරු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එදින ‍පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. අනතුරුව දෙසැම්බර් 4 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා තවදුරටත් විවාදය පැවැත්වීමටත් එයට අදාළ ඡන්ද විමසීම ප.ව 5.00 ට පැවැත්වීමටත් පක්ෂ නායකයන්ගේ එකඟත්වය පළ වී ඇත. 2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය විය. මේ අනුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 දෙදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමටත් මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. මීට අමතරව ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශවය සදහා විවාද කාලය වෙන් කිරීම, කාරක සභාවල ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සංයුතිය තීරණය කිරීම, තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම සහ ඊට අදාළ නාම යෝජනා ලබා ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හා අනෙකුත් කාරක සභා පිහිටුවීම, ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සහ දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ස්ථාපිත කිරීමට ලැබී ඇති ඉල්ලීම සලකා බැලීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, විරුද්ධ පාර්ශවයේ නායක ගරු සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීහූ ඇතුළු පක්ෂ නාය‍කයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img