Monday, November 9, 2026
HomeNEWSසැමරුම් උත්සව සඳහා කොටි ලාංඡන යොදා ගැනීම භයානක තත්ත්වයක් බව ඉන්දික අනුරුද්ධ...

සැමරුම් උත්සව සඳහා කොටි ලාංඡන යොදා ගැනීම භයානක තත්ත්වයක් බව ඉන්දික අනුරුද්ධ කියයි.

ඊලාම් සැමරුම පෙන්වූ සමාජ මාධ්‍යවේදීන් නොව එම සැමරුම සංවිධානය කළ පිරිස අත්තඩංගුවට ගන්නා ලෙස ගරු අධිකරණය ප්‍රකාශ කර ඇති අතර අප අධිකරණ ක්‍රියාමාර්ගවලදි අධිකරණය ස්වාධීනත්වයට ගරු කරනා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.12.04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.එහිදි හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,“අපි රටට වගකිය යුතු දේශපාලන බලවේගයක්. ඒ වගේම රටේ සංවර්ධනය සහ ජනතාව බුක්තිවිදින නිදහස ඇතිකරලිම සඳහා මුලිකවෙලා කටයුතු කරපු දේශපාලන බලවේගයක්. අපේ පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරලා උතුරට නැගෙනහිරට, දකුණට, බටහිරට බේදයක් නැතිව සමානතාවය තුළින් ජිවත්වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කෙරුවා. අපි ඊයේ දැක්කා ජාතිවාදය අවුස්සනවා කියා ගනිමින් රජයේ කැනිබට් මාධ්‍ය ප්‍රකාශකවරයාත්, පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිගින් දිගටම චෝදනා එල්ල කරන්න උත්සහ කරන වටපිටාවක්. මම ආණ්ඩුවෙන් අහනවා තාමත් ආණ්ඩුවේ සහ ඇතැම් කණ්ඩායම්වල ප්‍රතිවාදියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදුවෙලාවක අපි අනිත් දේශපාලන බලවේග යටපත් කරන්න, ඒ බලවේගවල වැඩපිළිවෙලවල් විවේචනය කරන්න උත්සහ දැරුවේ නැහැ. අපි හැමවෙලාවකම කළේ රට සහ රටේ ජනතාව වෙනුවෙන් තමයි කතා කළේ. අපි ජාතිවාදීන් කියන්න පුළුවන්. අපි ජාතිකවාදීන් තමයි. අපේ රටේ ජාතීන්ට, අපේ රටේ සිංහලයාට, ලාංකිකයාට , අපේ රටේ ජිවත්වන හැම ජාතියකටම කතා කරන්න අයිතිය තිබෙනවා සහ අපි ඔවුන් හෙලා දැකලා නැහැ, විවේචනය කරලා නැහැ. ඒනිසා මේ රටේ ජිවත්වෙන සෑම ආගමකට, ජාතියකට ගරුත්වයක් දුන්න දේශපාලන බලවේගයක්. අපි ජාතිවාදීන් විදිහට හන්වඩු ගහන්න එපා. මෙය භයානක තත්වයක්. අපේ සමහර පිරිස් එල්.ටි.ටි.ඊ නැතිනම් ඊලම ප්‍රවර්ධනය කරන්න මේ රටේ හෝ වෙන රටවල්වල කටයුතු කරන දේ අපිට පෙන්වන්න තිබෙන එකම දේ සමාජ මාධ්‍ය විතරයි. අපි සමාජ මාධ්‍යයෙන් පෙන්වා දී තිබෙන්නේ මේ සැමරුම් උත්සව කොටි ලාංඡන යොදාගෙන , ඊලාම් ලාංඡනය යොදාගෙන කටයුතු කිරීම භයානක තත්වයක්. අපි ඒ දැක්ක හැම සැමරුම් උත්සවයක තිබුණේ මහා දරුණු වේදනාකාරි තත්වයක්. මේ වේදනාකාරි සංගීතය අසන්න සැලැස්වීම, පහන් පත්තු කිරීම, මේ වේදනාකාරි යුද්ධය තුළ ශ්‍රී ලාංකිකයා නැතිනම් සිංහල ජාතිය , අපේ රටේ රණවිරුවා විවේචනය කිරීම , ඒවට වෛරය ඇති කිරීම, නැවත යුද්ධයකට තල්ලු කරගෙන යනවාද යන සැකය අපිට මතුවෙනවා. මේ ත්‍රස්තවාදි පනත ගෙනල්ලා මෙවැනි දේ පෙන්නුවේ මෙවැනි දේවල් තුළින් ඒ දමිළ ජනතාව අතර සිංහල ජනතාව අතර වෛරයක් ඇති කරන්න එපා කියලා. නමුත් අද ආණ්ඩුව සිදුකරන්නේ, ඒ පිරිසට නිදහසේ ඒවා සමරන්න අවස්ථාව දිලා ඒ පිරිසට කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගත්තේ නැහැ. අපි ගරු අධිකරණයට ස්තූතිවන්ත වෙනවා ගරු අධිකරණය මෙය දැක්කා. මේක පෙන්නපු කෙනාට නොවේ මෙය කරපු කෙනාව අත්තඩංගුවට ගන්න කියලා ගරු අධිකරණය ඊයේ දවසේ ප්‍රකාශ කළා. අධිකරණ ක්‍රියාමාර්ගවලදි අධිකරණය ස්වාධීනත්වයට අපි ගරු කරනවා. හැබැයි ආණ්ඩුවට ප්‍රකාශය කරනවා මේ ස්වාධිනත්වය හදාගන්න. ආණ්ඩුව බලය ඉල්ලා කිව්වේ මේ ස්වාධීනත්වය හදාගන්නවා කියලා. අද ආණ්ඩුව එල්.ටි.ටි.ඊ ඩයස්පෝරාවට ඕනදේ කරන්න ඉඩහැරලා දකුණේ පිරිස මර්ධනය කරන්න උත්සහ දරන්නේ ඇයි? ආණ්ඩුව ගත්තේ ඩයස්පොරාවේ මුදල්වලින්ද කියලා අපිට සැකයක් එනවා. ඒ නිසා අපි කියන්නේ දකුණේ අන්තවාදය පතුරවන්න උත්සහ කරනවානම් අපි හරි කියන්නේ නැහැ. අපි දැක්කේ උතුරේ දේ දකුණේ අය පෙන්වන දෙයක් විතරයි. ඒ නිසා පෙන්වලා දීම අත්තඩංගුවට ගැනිමට හේතුව නම් පැමිණිලිකාරයාට වෙඩි තිබ්බා හා සමානයි මේ කරන කාරණාව. ඒ නිසා ගෞරවයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුන පෙරමුණ ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරන්න එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද විපක්ෂයේ එක කණ්ඩායමක් පමණයි. 2015 බලය ගන්නත් ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි දේ කළා. ඊටපස්සේ 2020 ගත්තු බලය විනාශ කරලා දාන්න පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, මේ සියලු දේ ගිනිබත් කරලා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඝාතනය කරලා අරගලය කියනදේ නිර්මාණය කරලා ලොකු වැඩකටයුත්තක් කෙරුවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම. ඒවා දැන් නීති ඉදිරියේ තිබෙන දේවල්. ඒවා නීතියෙන්, කවදහරි සාධාරණයක් වෙයි. ඒ චුදිතයෝ වෙලා සිටින පිරිස් අද පාර්ලිමේන්තු පැමිණිලා ඉන්නවා වගේම තනතුරු තාන්න මාන්න හම්බෙලා තිබෙනවා. අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වෛරය ඇති කරන්න එපා. මේ හදන්නේ තවත් වසර ගාණකින් යුද්ධයකට පාර කැපීමක් වෙන්න පුළුවන් මෙහෙම ගියොත්. ඒ නිසා හිරගෙවල් පෙන්වලා, තර්ජනය පෙන්වලා, මර්ධනය පෙන්වලා, මාධ්‍යවල කටවහන්න හදලා,සමාජ මාධ්‍යවේදීන් අත්තඩංගුවට අරගෙන මේවා පෙන්වන්න එපා. අද සාමාන්‍ය ජනජිවිතය ගත කරන මනුෂ්‍යයාට යුද්ධයක් කරන්න වෙලා කෑමවේල සම්බන්ධයෙන්. මේවා තියෙද්දි නැවත මේ රටේ අනාරක්ෂිත තත්වයක් ඇති වුණොත් අපි මොකද කරන්නේ. ඒ නිසා සමාජ මාධ්‍යවල යුතුකම තමයි ඒවා පෙන්වලා දෙන එක.ඒ වගේම අපේ රටේ තිබෙන ලොකු ප්‍රශ්නයක් සහල් අර්බුදය. දැන් නාඩු හාල් ගෙන්වන්න හදනවා. මම වගකීමෙන් කියනවා මේ පිරිසට පුළුවන්කමක් නැහැ රුපියල් දෙසියෙන් පහළට හාල් ගේන්න. මේ ආණ්ඩුවේ පිරිස කිසිම තැනකින් පගාව ගන්නේ නැති සුපිරිසිදු ආණ්ඩුවක් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ පිරිසට කිසිම කල්මැරීමකට අවශ්‍ය නැහැ. කරන්න ඕනෙ නම් කරන්න ඕනතරම් වැඩ තිබෙනවා. නමුත් මොවුන් ඡන්දයේ අවසාන දිනවල කිව්වේ මේ ගතකරන්නේ දුක්විදන අවසාන පැය කියලයි. දැන් ගතකරන පැය ගිහිල්ලා මාස 2ට, 3ට එහාට. දැන් දුක වැඩිවෙලා. අද මේ රටේ පොල් බෑව ගන්න මිනිස්සු පත්වෙලා තිබෙන්නේ. දැන් අපේ රටේ මිනිස්සු මාස ගණන් දුක්විදිනවා. අපි වගකීමෙන් කියනවා එදා වැඩබැරි පිරිස කතා කියද්දි අපේ අය අහුවුණා. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව හිතුවා ආණ්ඩුවේ සිටින මැතිඇමතිවරු මංකොල්ල කනවා කියලා. ආණ්ඩුව කරන පිරිස් සැප විදිනවා කියලා. ඒ පිරිස කිව්ව ආකාරයට අද මේ සියලු සැම්පත් විදින්නේ ඒ පිරිසයි. අපි එදත් සැප වින්දේ නැහැ. අපි වැඩ කළා. අද අපිට වැඩ පේන්නේ නැහැ. ආණ්ඩුවේ අසමගිකම තමයි පේන්නේ. අපි වගකීමෙන් කියනවා මේ අර්බුදය ඉස්සරහට යන්න ඉඩතියන්න එපා. ඒ නිසා වගකිව යුතු රජයක් විදිහට අපි ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ අවස්ථාවේ රටේ ජනතාවට කන්න අදින්න දිලා ඉන්න. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය. එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -: ඕනෑම මනුෂ්‍යයෙක්ට මනුෂ්‍ය ආත්මයක් දිලා තිබෙනවා ඒ මනුෂ්‍යට පුළුවන් අත්දැකීමක් නැතිනම් අත්දැකීම් අරගෙන වැඩකරන්න. නමුත් සමස්ථ ආණ්ඩුවේ අත්දැකීම් නැති බව කියන්නේ. තනි පුද්ගලයෙක් අපි නම් කරලා විවේචනය කරන්න සූදානම් නැහැ. නමුත් මොවුන්ට අවස්ථාව තිබෙනවා. අත්දැකීම් නැහැ කියලා ඔප්පුවෙමින් තිබෙනවා ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකතුමා සභානායකුමාට කථානායකතුමා කියලා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් තමන් තැනට ගියාම ඒ අවශ්‍ය තනතුර කළ යුතුයි. අමාත්‍යවරයාගේ තැනට ගියාම ඒ අමාත්‍යවරයා. වගකිවයුත්තා. කථානායකතුමා තැනට ගියාම කථානායකතුමා. එවිට අමතකවෙන්න විදිහක් නැහැ තමන් කථානායකතුමා කියලා. ඒ නිසා මේවා සිල්ලරට ගන්නවා නොවේ. නමුත් මේවා තුළින් කියවෙන්නේ තාම ආණ්ඩුව ඔවුන්ගේ කියලා දැනෙන්නේ නැහැ , ජනාධිපති එයා කියලා දැනෙන්නේ නැහැ , ඇමතිවරු ඔවුන් කියලා දැනෙන්නෙත් නැහැ කියලා. තාම ඉන්නේ නාමල් කාරුණාරත්නලා වගේ කියන එක තමයි ජනතාවට දැනිගෙන යන්නේ.කාංචන ඇමතිතුමා ඉන්න කාලයේ හැම වැඩක්ම ඉතා නිවැරදිව සිදුකළේ. ඒ වගේ වැඩ කරපු නිසා තමයි අපිට මඩ ගැහුව්වේ. චෝදනා කළේ. හැබැයි එතුමා නොසැලි කටයුතු කළා. අපිත් නොසැලි කටයුතු කළා. අද ඔප්පු වෙමින් තිබෙනවා එවැනි දෙයක් නොවුණා කියලා. ඒ නිසා අපි සතුටෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img