ඉන්දියාවේ ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයෙන් තෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා අද දිවයිනෙන් පිටව යයි.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද මෙම සංචාරයට එක් වේ.ජනාධිපති දිසානායක මහතා ඇතුළු කණ්ඩායම Sri Lankan Airlines Flight UL 195 යානයෙන් අද ප.ව 05.30ට ඉන්දියාවට ළඟා වේ.මෙහි දී ඉන්දීය අගමැති හමු වී එකඟතා කිහිපයකට ද එළඹීමට නියමිත ය. මෙම සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුම මුණ ගැසීමට නියමිත ය.ඒ අතර ඉන්දීය විදේශ අමාත්‍ය Dr. S. Jaishankar මහතා, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක Mr. Ajith Doval මහතා, ඉන්දීය උප ජනාධිපති Jadeep Dhankhar මහතා, ඉන්දීය මුදල් අමාත්‍ය Nirmala Sitharaman මහත්මිය, ඉන්දීයා සෞඛ්‍ය අමාත්‍ය J.P. Nadda මහතා වෙයි.2017.12.17 දින බුද්ධගයා විහාරයට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම නවදිල්ලිය හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk






















