එට්කා ගිවිසුමට විරෝධය පල කර ජනතා විමුක්ති පෙරමුණට අතීතය නැවත මතක් කිරීමට කටයුතු කරන බව සර්වජන බලය පවසයි.රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක ඉන්දියාවේ බලපෑම් වලට යටත් නොවී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු ඇතැයි බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසයි.සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් පෙන්වා දෙන්නේ බලය නැති අවධියේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගය ඉන්දියාවෙන් මෙරටට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් නිරන් තරයෙන් කතාකල බවත් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ඇතිකර ගැනීමට යන ගිවිසුම් වලට දැඩි විරෝධයක් එල්ල කල බවත් ය. පසුගිය[ 18 ] කොළඹ සර් වජන බලය මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙලස පවසා සිටියාමෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අනුරාධා යහම්පත් මෙසේ ද කියා සිටියා” එට්කා ගිවිසුම ගෙන්න හදද්දී ඒක එපා කියලා මුලින්ම පාරට ආවේ වර් තමාන ආණ්ඩුව. ඔවුන් තමයි ඒ වෙනුවෙන් වැඩියෙන්ම සටන් කලේ. අපි කියන්නේ නැහැ ඔවුන් දැන් කරන්න හදන්නේ ඒක ගෙන්න කියලා. නමුත් එය කරන්න කලින් අපි කියන්නේ. ඒ වගේම කියන්න ඕනේ කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් දහ තුන්වැනි සංශෝධනය ගෙනාවේ නැහැ. ඔවුන් දන්නවා එය ගෙනාවොත් වෙන දේ. මේ ආණ්ඩුවත් එහෙම කරයි කියල අපි හිතනවා. අපි කියන්නේ ඉන්දියාව එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වන එක ඉතාම හොදයි හැබයි ඉන්දියාවට ඕනේ විදියට මේ රට ගෙනියන්න බැහැ ”මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි සර් වජන බලයේ විධායක සභික අනුරුද්ධ හේරත් ද මෙසේ පැවසුවේය” මාලිමාවේ අයගේ අධ්‍යාපන සහිතක බොරු කියල ඔප්පු වෙද්දීත් ඒත් කියනවා කමක් නෑ අපි මාලිමාවට කියල. විදුලි බිල අඩුනොකලත් ඒත් කියනවා ආ කමක් නෑ අපි මාලිමාවට කියලා. නමුත් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ මාලිමාව එක්ක ඉන්න ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් රටට අයහපතක් වෙනවනම් රටේ ස්වාධීනත්වයට අවුලක් වෙනවනම් ආරක්ෂවාට තර් ජනයක් වෙනවනම් ඒත් අපි මාලිමාවට කියල කියන්න එපා කියල. වරද වෙනුවෙන් හිටගන්න කියල. මේ රට ඉන්දියාවේ රූකඩයක් කරන්න එපා කියල ”






















