Monday, November 9, 2026
HomeNEWSඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව...

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක්.

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර රැකියාව සදහා අයැදුම් කළ පසු ඔවුන්ගේ ඉදිරි පියවර සහ අයැදුම්කරු රැදී සිටින මට්ටම ,අයැදුම්කරුටම ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව සලසා දී තිබේ.www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ජාතික හැදුනුම්පත් අංකය , දුරකථන අංකය සහ අනෙකුත් අදාල දත්ත ඇතුළත් කර අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img