Sunday, November 8, 2026
HomeNEWSනත්තලේ සැබෑ අරුත වටහා ගමු. රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් වෙමු-විපක්ෂ...

නත්තලේ සැබෑ අරුත වටහා ගමු. රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් වෙමු-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

නත්තලේ සැබෑ අරුත වටහා ගමු. රට වෙනුවෙන් සියලු දෙනා එකට එක් වෙමු. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන සාමයේ හා ප්‍රේමයේ සලකුණ මිහි මත තැබූ උතුම් නත්තල උදා වී තිබේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ මානව ගරුත්වය මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට විශ්වසනීය පදනමක් සැකසීය. එදවස ජේසු සමිඳාණන් දේශනා කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය වර්තමානයේ අප සමාජය ශිෂ්ටසම්පන්න කිරීමට තරම් හේතු විය. ප්‍රේමය, සාමය හා සහෝදරත්වය තේමා කර ගත් නත්තල ක්‍රිස්තු භක්තිකයන්ගේ ආගමික උත්සවයක් පමණක්ම නොව ලොව පුරා වෙසෙන සියලු ජාතීන්, ආගම්, පක්‍ෂ, වර්ණ, බාල, තරුණ වැඩිහිටි වෙනසකින් තොරව සමරන සංස්කෘතික උලෙළක් ද වෙයි. මෙහි අරුත නිවැරදිව වටහා ගෙන අප ද රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළැඹ තිබේ. මේ මොහොතේ අප රටේ පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් අප ද ජාති, ආගම්, පන්ති, පක්ෂ භේදයකින් තොරව සියලු ම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, ප්‍රේමයෙන් කටයුතු කළ යුතුය. එය රටේත් ජනතාවගේත් දියුණුවට හේතුවන බැව් අප සියලු දෙනා ම අවබෝධ කර ගත යුතුය. එවිට ඊළඟ නත්තල සමරණ මොහොත වන විට සෑම නිවසක ම අපේක්ෂාවේ පහන්සිළු වෙනුවට දියුණුවේ පහන්සිළු දැල්වෙනු ඇත. ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img