Friday, November 6, 2026
HomeNEWSප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියැදුරාට අධිවේගී මාර්ගයේදී දඩ.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියැදුරාට අධිවේගී මාර්ගයේදී දඩ.

ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගිය දිනෙක මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ නිරීක්ෂණයක නිරත වූ අතර නිරීක්‍ෂණය අවසානයේ නැවත පොළඹ බලා පැමිණෙන විටදී මීරිගම පිටවීමේ දී පොලිස් නිලධාරීන් වාහනය නතර කළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ වේගසීමාව ඉක්මවා ධාවනය කර ඇති බවත් ඒ සඳහා දඩයක් නිකුත් කළ යුතු බවත්ය. පොලිස් නිලධාරීන් රියැදුරුගේ විමසා සිටියේ වාහනේ සිටින්නේ කවුරුන්ද කියාය. රියදුරු පවසා සිටියේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා බවත් අධිවේගී මාර්ගයේ රාජකාරි නිරීක්‍ෂණයක් සඳහා කුරුණෑගල ගොස් ආපසු යන බවත්ය. පොලිස් නිලධාරීන් වෙනදා සුපුරුදු විදිහට වාහනේ ළඟට ඇවිත් අමාත්‍යතුමාගෙන් සමාව ඉල්ලා දඩය ගෙවීමට අවශ්‍ය නොවන බවත් දන්වා සිටි අතර අමාත්‍යතුමා පවසා සිටියේ වැරැද්ද වැරැද්දමයි රියැදුරු වරදක් කළ නිසා දඩය ලියන්න අපි සාමාන්‍ය පුරාසියක් විදිහට දඩය ගෙවලා යන්නම් කියාය. එම අවස්ථාවේ එතැන සිටි සියලු නිලධාරින් මූණට මුහුණ බල්ගැසී පුදුමයට පත්වී සිටි බවක් දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img