Friday, November 6, 2026
HomeNEWSප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමට ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවට ඇමති බිමල්ට සහතිකයක්.

ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීමට ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවට ඇමති බිමල්ට සහතිකයක්.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතියට ඕස්ට්‍රේලියාවේ සහායශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්ත්වයත්, මගී ජනතාවට හිතකර සුවපහසු මෙන්ම සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් තම රජය වෙතින් ලබාදිය හැකි සහාය පිළිබඳවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පාවුල් ස්ටෙපන්ස් මහතා (HE Paul Stephens) විසින් අවධාරණය කරනු ලැබීය.පසුගියදා පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ දී, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවකදි ඕස්ට්‍රෙලියානු මහ කොමසාරිස්වරයා මෙම කරුණු අනාවරණය කර තිබේ.මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ප්‍රවාහන ක්ෂේත්‍රය මෙන්ම සමස්ත ජන ජීවිතය සම්බන්ධයෙන් ඇමති බිමල් රත්නායක මහතා විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ඇතුළු නියෝජිත පිරිසට කරුණු පැහැදිළි කළ අතර අධ්‍යාපනය, සංචාරක සහ සත්කාරක යන අංශ වලින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අදහස් දක්වන ලදී.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවති අතර මගී ජනතාවට වඩාත් සුවපහසු, ආරක්ෂාකාරී මෙන්ම සහනදායි ප්‍රවාහන පද්ධතියක් ඇතිකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් නව රජය ප්‍රමුඛ ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් තමාත් හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය.මෙහිදී ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරයා විසින් ප්‍රකාශකර සිටියේ, නූතන තාක්ෂනික දියුණුව ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාද කඩිනමින් යොදා ගතයුතු බවයි. මගී ජනතාව පිළීබඳව මෙන් රියදුරන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව ද අවධානය යොමුකළ යුතුබවත් ඊට අමතරව මහාමාර්ගයන්හි තත්ත්වය පිළිබඳවත් වි‍ශේෂ අවධානයක් යොමු වියයුතු බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.මේ වනවිට ප්‍රධාන වශයෙන්ම මගී ප්‍රවාහනය සඳහා අවධානය යොමුවී ඇති නමුත්, රට තුළ ආරක්ෂාකාරී භාණ්ඩ ප්‍රවාහනයක් සඳහාද දුම්රිය සේවාවන්වල දායකත්වය ලබාගත යුතු බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත කරුණු දක්වන ලදී. එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිටත් ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරනු ලබන බවයි.ශ්‍රී ලංකාවේ වරාය සම්බන්ධයෙන් කරුනු විමසු ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ, රටේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් වරාය පහසුකම් වැඩිදියුණූ කලයුතු අතරම වරායේ ධාරිතාවය පුළුල් කළයුතු බවයි. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය.ඉතා දීර්ඝ කලක සිට දෙරට අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තවත් තහවුරු කරමින්, ඕස්ට්‍රේලියානු රජය සතු කෘෂිකාර්මික සහ පශු සම්පත් පිළිබඳව තාක්ෂණික දැනුම භාවිතකර කර ලංකාවේ උතුරු පළාත තුළ පශු සම්පත් කර්මාන්ත දියුණූ කිරීමටත්, ඒ ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ඇතිකිරීමට තමා අදහස් කරන බවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පාවුල් ස්ටෙපන්ස් මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට පවසන ලදී.මෙම සාකච්ඡාව සඳහා ඕස්ට්‍ර්ලියානු නියෝජ්‍ය මහා කොමසාරිස්තුමිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img