ලෝකයේ දක්ෂතම පන්දු රකින්නෙකු ලෙස සැලකෙන දකුණු අප්රිකාවේ ජොන්ටි රෝඩ්ස් මේ දිනවල සිය පවුලේ සාමාජිකයින් සමඟ ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටීිශේෂයෙන්ම. ජොන්ටි රෝඩ්ස් දකුණු අප්රිකානු ක්රිකට් පිල සමග සමඟ ශ්රී ලංකාවට පැමිණි ගමන් වාරවලදී ඔහුගේ හිත ගත් ස්ථාන බොහොමයක් වෙත මෙම සංචාරයේදී ජොන්ටි රෝඩ්ස් ගමන් කරන බව ඔහුගේ ආරංචි මාර්ග ප්රකාශ කරයි. ජොන්ටිගේ සංචාරයමෙම සංචාරය ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද ඉතා වැදගත් වේ.ලෝකයේ සුන්දරතම ගමනාන්ත වලින් එකක් ශ්රී ලංකාව බව ජොන්ටිරෝඩ්ස් හැම විටම ප්රකාශ කිරීම විශේෂත්වයකි.1992 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී දකුණු අප්රිකාවේ ජොන්ටි රෝඩ්ස් දැක්වූ අති විශිෂ්ට පන්දු රැකීමේ දස්කම් අදටත් ක්රිකට් විස්තර විචාරකයින්ගේ මතකයේ පවතී. ඒ වගේම ක්රීඩා ලෝලීන්ගේද ජොන්ට් පන්දු රැකීම තවමත් මතකයේ පැවතීම විශේෂත්වයකි.























