Friday, November 6, 2026
HomeNEWSදිලිත්ගෙන් ප්‍රහාරයක්...ආණ්ඩුවෙන් දැඩි විරෝධතා.

දිලිත්ගෙන් ප්‍රහාරයක්…ආණ්ඩුවෙන් දැඩි විරෝධතා.

දිලිත් පාර්ලිමේන්තුව ගිනියම් කරයි.. ආණ්ඩුවෙන් දැඩි විරෝධතා..ජාතික ජන බලවේග ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැති බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.ආණ්ඩුවට අද වන විට හැකියාව ලැබී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා කියමින් තී‍්‍රවිල් වල කෑලි ගැලවීමට පමණක් බවද ඔහු කියා සිටී.ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ ජනතා සිහින මරා දැමීමට පමණක් බවත් සිහිනවලට පණ දීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.ආදායම් වියදම් වාර්තාවක් ඇසින් දැක හෝ ඇත්තේ නම් පසුගිය මැතිවරණවලදී පොරොන්දුව කිසිවක් ඉටු කිරීමට නොහැකි බවද පැවසූ ඔහු ඒවා ඉටුකරන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ වනතෙක් ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.මෝඩ ගොබ්බ වැඩ නොකර ජනතාවට පොරොන්දු වූ දේ වල් කරන ලෙසත් ඒවා කරන ආකාරය හෙළි කරන ලෙසත් එසේ නොහැකිනම් ප්‍රසිද්ධියේ ජනතාවට ඒ පිළිබඳව කණගාටුව පල කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වූ අතර ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධතාවයන් එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img