යන්නේ දකුණු කොරියාවට….. වන්දි පාකිස්ථානයෙන් අරුම පුදුම ගිවිසුමක් ඇමති විජිත පාර්ලිමේන්තුවේදී හෙළි කරයිදකුණු කොරියානු රැකියා ලබා දීමට E8 වීසා නිකුත් කිරීම නීති විරෝධි බවත් එවැනි ගිවිසුමකට කැබිනට් අනුමැතියද හිමිවී නොමැති බවත් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අද පාර්ලිමේන්තුවේදී දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙවන් මතුවූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් එ් මහතා මේබව ප්‍රකාශ කළේය.මේ E8 දකුණු කොරියානු රැකියා වීසා ලබාගැනීමට අදාළ ගිවිසුම නීති විරෝධී. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අත්සන්කරපු ගිවිසුම හරිම අමාරුවෙන් අපි හොයාගත්තා. මේක හරි අරුම පුදුම ගිවිසුමක්. ගිවිසුමේ මාතෘකාව තියෙන්නේ ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව කියලා. ඒත් ගිවිසුම ඇතුළේ තියෙන්නේ දකුණු කොරියාව හා පාකිස්ථානය කියළා. මේ ගිවිසුම කියවලත් නෙමෙයි අත්සන් කරළා තියෙන්නේ. ගිවිසුමේ සමහර තැන්වල ශ්‍රී ලංකාව කියලා තියෙනවා සමහර කතැන්වල පාකිස්තානය කියලා තියෙනවා. මේ ගිවිසුම අනුව දකුණු කොරියාවෙදි අනතුරක් උනොත් වන්දි ගන්නවෙන්නේ පාකිස්ථානෙන්. හිටපු ඇමති මනුෂ හා දකුණු කොරියාවේ නගරාධිපතිවරයෙක් අතරේ තමයි මේ ගිවිසුම අත්සන් කරළා තියෙන්නේ. මේ නීති විරෝධි ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා අපහසුතාවයට පත්වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉදිරියේදී සහනයක් ඉටුකිරීමට අප බලාපොරොත්තුවෙනවා යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.






















