Friday, July 17, 2026
HomeNEWSමන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා-චීනෙ ගිහින් ආ අනුර කළුතර හොල්ලයි.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා-චීනෙ ගිහින් ආ අනුර කළුතර හොල්ලයි.

ඇමැතිවරුන්ගේ වාහන වෙන්දේසි කරලා ඒ සල්ලි භාණ්ඩාගාරයට ගේනවා! මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා! තව සති දෙකකින් පාර්ලිමේන්තු කෑම එකට 2000ක් යනවා නම් ඒ 2000 මන්ත්‍රී ගෙවන්න ඕන! මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නෑ! චීනෙ ගිහින් ආ අනුර කළුතර වේදිකාව හොල්ලයි! ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර, කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩා පිටියේ පැවති සුහද හමුවකට අද පස්වරුවේ එක්විය.“අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 21යි. රාජ්‍ය ඇමතිවරු කියලා කෑලි නැහැ. ඉස්සර අමාත්‍යධුර ඇඟේ හැප්පෙනවා මේ කළුතර. අපිට කළුතර මන්ත්‍රීවරු 8යි, ඇමතිධුර 1යි. රටක් හදන්න ඕනකම තියෙන්නේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා නෙවෙයි. ඉස්සර හැදුවේ එහෙම නෙවෙයි, සතුටු කරන්න. අන්න එහෙම ආණ්ඩුවක් හදන්නේ අපි විතරයි වෙන කවුරුත් හදන්නෙත් නෑ.” “වෙනදා අමාත්‍ය ධුර බෙදන්නේ කොහොමද? මේ අමාත්‍ය ධුර ඥාති වර්ගයාට බෙදාගත්තේ. වෙනදා අමාත්‍යවරුන්ගේ කාර්යමණ්ඩලයට බඳවා ගත්තේ කවුද? බිරිඳ පුද්ගලික ලේකම්තුමිය. මට මතකයි කතානායක මහින්ද යාපා එතුමාගේ කාර්යමණ්ඩලය මහින්ද යාපා යායක්. ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. අද කිසිදු අමාත්‍යවරයෙක් පස්සේ වාහනත් නැහැ, පොලිස් රථත් නැහැ. ආණ්ඩුවේ අයට විතරක් නෙමෙයි විපක්ෂයට දෙන්නෙත් නෑ. මොකද පොලීසියට 21,000ක් මදි. ඒ මහත්වරු බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ.” “සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි. එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා. පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා, හැටයි. තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ . හිටපු ජනපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නැහැ. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් ගෙයක් එපා කියලා. හැබැයි අනිත් අය නම් දෙන්නේ නැහැ.”“මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරන්න යැව්වා. කීයක් වටිනවාද, තවම ඉඩම තක්සේරු කරලා නැහැ. ගේ විතරක් තක්සේරු කළා, තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නැහැ, බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන් . කුලිය දුන්නේ නැත්නම් එළියේ කරන්න ඕනේ, මේ රටක් හදන්න ඕනේ. රටේ ජනතාව රවටලා ඔවුන් මහජනයාගේ ධනයෙන් විරාජමානව වැජඹෙනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගෙනඑනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන විවාදයක් තියෙනවානේ. තව සතියක් දෙකකින් වෙන වැඩේ මං කියන්නම්. කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ, ඒක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නැහැ .”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img