Friday, July 17, 2026
HomeNEWSප්‍රවාහන ඇමති බිමල් කෝච්චියෙන් වැඩට ඇවිත්.

ප්‍රවාහන ඇමති බිමල් කෝච්චියෙන් වැඩට ඇවිත්.

ප්‍රවාහන විෂය භාර ඇමති බිමල්කෝච්චියේ වැඩට ඇවිත්#############හිටගෙන තෙරපී යන බිමල් දැකලා මගීන් හොල්මං වෙලා###########නිලධාරීන් පුදුම වෙලා.###########ඇත්තම තත්වයන්ඇහැටම දැකලා############අද(ජන 20) උදෑසන 7.13 ට මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාකිසිඳු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටළු හඳුනාගෙන තිබෙනවා.සාමාන්‍ය මගියෙකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගී ජනයා සේම හිටගෙන ගමන් කළ අතර අහම්බෙන් දුටු මේ ජනතා නියෝජිත මගියා හා සුහදව කතා බහ කරමින් ගිය බවද වාර්තා වෙනවා. * ඔහු ගමන් කළ දුම්රිය ද ව්නාඩි 13කපමණ ප්‍රමාද වී පැමිණ තිබෙනවා.* සමහර දුම්රියපොළවල් වල බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත ගොඩවෙමින් ගිය මේ ගමනින් බොහෝ ගැටලු හඳුනාගෙන තිබෙනවා.* එතරම් පැරණි නොවූ දුම්රියක් වුව ද විදුලි පංකා තිබූ බවට සළකුණු මිස මෙහි කිසිඳු විදුලි පංකාවක්(fan) නොතිබූ බව ද නිරී්ක්ෂණය වී තිබෙනවා.* අබාධිත අයට(රෝද පුටුවලින්) දුම්රියට ගොඩවීමට පහසුකමක් නැති බව ද ප්‍රායෝගිකවම දැක තිබෙනවා.* මාර්ගය දෙපස අපිරිසිදු තැන්, වැසිකිළි වල අපිරිසිදු තැන් ආදිය ද තිබූ බව කියැවෙනවා.* සමහර ව්ට අවදානම් සහිත, ඉතා පැරණි දුම්රිය ධාවනය වන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.-කිසිඳු මාධ්‍යයකට නොදන්වා තනියෙන් ගොස් ඇති මේ ගමන දුරකථන මඟින් ලබාගත් ඡායාරූප සහ වීඩ්යෝ සමාජ මාධ්‍යයට නිකුත් වෙමින් යන බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img