Friday, July 17, 2026
HomeNEWSරජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය.

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය.

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දෙනවා- ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර්දුප්පත්කම සහමුලින්ම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි- ජනපතිරජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා මේ බව කියා සිටියේය.තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා , ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා දීමට මෙහිදී එකඟතාව පළ විය.ඒ අනුව අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත ණය ආධාර නියමිත දිනට ලබා දීමට කටයුතු කරන බවද මාර්ටින් රේසර් (Martin Raiser) මහතා සඳහන් කළේය.මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවය.ඒ සඳහා නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහාද අවශ්‍ය ආධාර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 28%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කළත්, ශ්‍රී ලංකා ආර්ථිකයට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබා දෙන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් පමණක් වීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය අනුව ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝජිතයින්ට පැහැදිලි කළේය.තරුණ ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය සම්බන්ධයෙන් රජය සතු වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, 2025 වසරේදී මෙරටට වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.ගුවන්තොටුපළ හා වරාය සංවර්ධනය සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් වරාය සංවර්ධනය කිරීම කඩිනමින් සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවත් උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමටද කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසා නායක මහතා සඳහන් කළේය.කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලෝක බැංකුවේ කලාපීය දේශීය අධ්‍යක්ෂ (නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව) ඩේවිඩ් සිස්ලන් (David Sislen), ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) දේශීය කළමනාකාර ගෙවෝර්ග් සාර්ග්ස්යන් (Gevorg Sargsyan), උප සභාපතිගේ විශේෂ සහකාර කිෂාන් අබේගුණවර්ධන යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img