Friday, July 17, 2026
HomeNEWSසිංගප්පූරුවේ වැනි තෙල් බෙදා හැරීමේ හබ් එකක් හම්බන්තොටට- ඇමති විජිත හෙළි කරයි.

සිංගප්පූරුවේ වැනි තෙල් බෙදා හැරීමේ හබ් එකක් හම්බන්තොටට- ඇමති විජිත හෙළි කරයි.

හම්බන්තොට තෙල් පිරිපහදුව තුළින් විශාල ආදායමක් රටට හිමිවෙන බවත් සිංගප්පූරුවේ තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථානය වැනි එකක් හම්බන්තොට ඉදිකිරීමට කටයුතු කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) දින ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. චීන සමාගමක් වන සයිනොපෙක් ආයතනය තමයි මෙහි ආයෙෝජන සමාගම. ඒ අනුව චීනය සමග ඇතිකරගත් එකඟතාවය මත ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් යටතේ මෙම තෙල් පිරිපහදුව ඉදි කෙරෙනවා. මෙහි තෙල් පිරිපහදු කෙරෙන්නේ අපනයනය කිරීමටයි. ඉන් යම් ප්‍රතිශතයක් මෙරට වෙළඳපළට නිකුත් කරනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුව අද තෙල් අපනයනය කරන හබ් එකක්. එවැනි හබ් එකක් හම්බන්තොට ඉදිකිරීමටයි කටයුතු කරන්නේ. ඊට අමතරව රටේ ආර්ථිකයට හා පොදුවේ රටට ඉතා වැදගත් වන ගිවිසුම් 15කට ජනාධිපතිතුමන්ගේ චීන සංචාරයේදී දෙරට අතර අත්සන් කෙරුණා. යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img