Saturday, September 5, 2026
HomeNEWSLatest Newsඅමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම ජනපති සහභාගිත්වයෙන් ....

අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම ජනපති සහභාගිත්වයෙන් ….

අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම ජනපති සහභාගිත්වයෙන් ….

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදිකර්තෘන් වහන්සේ ස්මරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (08) කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වර්ෂයේ දී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා  පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්වර වැනි මහා නා හිමිවරු අමරපුර මහා නිකායට නායකත්වය දුන් අතර, පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත  වාදීභසිංහ, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි සම්බුද්ධ ශාසනය උද්දීපනය කළ මහා යථිවරයාණන් වහන්සේ අමරපුර මහා නිකායෙන් බිහි වූහ.

වසර 218ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සියලුම ආදිකර්තෘන් වහන්සේ සිහි කරමින් අමරපුර දිනය සමරනු ලැබීය.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය  කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ.

ආදිකර්තෘන්වහන්සේට පුෂ්පෝපහාර පිළිගැන්වීම ජනාධිපතිතුමා විසින් සිදු කෙරිණ.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ චරිතාපදනය එළිදක්වනු ලැබූ අතර,  ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ධම්මාවාස මහා නා හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබීය.

අමරපුර නිකායට අයත් සියලු විහාරස්ථානවල තොරතුරු ඒකරාශි කොට ලියැවුණු “අමරපුර විහාරස්ථාන නාමාවලිය” ග්‍රන්ථය ද එළිදැක්විණ.

අමරපුර දිනය සිහි ගන්වමින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ සහ ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියෝ ජනාධිපතිතුමා වෙත සිහිවටනයක් පිළිගැන්වූහ.

ත්‍රෛනිකායික මහා නායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි පැවිදි පිරිසක් සමරු උළෙලට  එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img