Friday, July 17, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දින උත්සවය ලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.

ශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දින උත්සවය ලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.

ශ්‍රී ලංකාවේ 77 වෙනි ජාතික නිදහස් දිනය උත්සවයලෙබනනයේ බීරුට්හිදී සැමරෙයි.ශ්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය 04 වෙනිදා ලෙබනනයේ බීරූට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතාගේ ‍ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ලෙබනනයේ පිහිටි ශ්‍රී ලාංකික සංවිධාන රැසක නියෝජිතයෝ සහභාගී වූහ.ඊට අමතරව ලෙබනන් ජාතිකයින් පිරිසක්ද මෙම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට පැමිණ සිටීම විශේෂත්වයෙක් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික නිදහස් දින පණිවිඩය උත්සව සභාවට ඉදිරිපත් කරන ලද්දේ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා විසිනි.අනතුරුව සභාව ඇමතු තානාපති කපිල ජයවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර දිගු කාලයක් තිස්සේ පවතින දෙරටේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.ඊට අමතරව දැනට ලෙබනනය තුළ ඇතිවී තිබෙන සාමකාමී පරිසරය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවද තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේය. ලෙබනනය කුමන තත්ත්වයක පැවතිය ද ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් තම මව් රට වෙනුවෙන් සිදුකරන මෙහෙයට තමාගේ ගෞරවය හිමිවන බවද තානාපති කපිල ජයවිර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකීයෝ හත්දහසකට අධික පිරිසක් දැනට ලෙබනනයේ ජීවත් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img