නව හමුදාපති සහ නාවික හමුදාපති විදේශ කටයුතු, විදේශරැකියා සහ සංචාරක අමාත්‍යවරයා හමුවෙතිනව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූහ. විදේශකටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය නව යුධහමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු මෙලෙස අමාත්‍යතුමා හමු වූහ.ධූරයට පත්වීමෙන් පසු හමුදාපතිවරු දෙපල සම්ප්‍රදායානුකූලව අමාත්‍යතුමා හමු වූ නව හමුදාපතිවරුන්ට අමාත්‍යතුමා සුබපැතුම්ද ඒක්කළේය.




























